මසට අරන් ගිය ගවයින් බේරාගැනේ සැකකරු අත්අඩංගුවට…
August 11, 2018 at 2:04 am | lanka C news
කිලිනොච්චිය ධර්මපුරම් ප්රදේශයේ එළ ගවයින් තිදෙනෙකු හොරෙන් අල්ලා නීතිවිරෝධි අයුරින් ප්රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය පැවසීය.
පොලීසිය පැවසූවේ ප්රදේශයේ එළ ගවයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීම්වලදී අදාළ ගවයින් ප්රවාහනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවු බවයි.
සැකකරු කුඩා කැබ් රථයක ගවයින් පටවාගෙන මස් පිණිස විකිණීමට ප්රවාහනය කරමින් සිටියදී කැබ් රථයද සමග අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පොලිසිය පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ