මසට ගෙන ගිය එළුවන් 61 ක් අත්අඩංගුවට.. රියදුරු පොලීසිට අල්ලසකුත් දෙන්න හදලා…

May 17, 2018 at 8:02 am | lanka C news
මසට ගෙන ගිය එළුවන් 61 ක් අත්අඩංගුවට.. රියදුරු පොලීසිට අල්ලසකුත් දෙන්න හදලා…

නීති විරෝධීව එළුවන් 61 දෙනෙකු රැගත් ලොරි රථයක් ධාවනය වෙමින් තිබියදී වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.

කිලිනොච්චියේ සිට අදාල ලොරි රථය එළුවන් සමග අනවසරයෙන් ධාවනය කොට ඇති අතර වව්නියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී මුර සේවයේ යෙදුනු පොලිස් නිලධාරීන් පිරිසකට අධාල ලොරි රථය පිළිබඳ සැක සිතී ලොරි රථට පරික්ෂා කිරීමේදී මෙම එළුවන් නීති විරෝධීව රැගෙන යන බවට අනාවරනය වීමෙන් අදාල ලොරි රථය සමග රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රියදුරු විසින් තමන් නිදහස් කර හරින් ලෙසටත් ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට රුපියල් දෙදහසක අල්ලසක් ලබාදීමටද සැරසෙන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අදාල එළුවන් මරණය සඳහා මෙසේ අනවසරයෙන් රැගෙන ගොස් ඇති බවට පොලිස් නිලධාරීන් සැක පල කර සිටින අතරම අත්අඩංගුවට ගත් රියදුරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

158 views
Main News