මස් වැද්දන් පිහිපහරවල් ගසද්දි කෑ ගසමින් දිව ගිය වැලි මුවා බේරාගනී..

April 19, 2020 at 12:40 pm | lanka C news
මස් වැද්දන් පිහිපහරවල් ගසද්දි කෑ ගසමින් දිව ගිය වැලි මුවා බේරාගනී..

වැලි මුවෙකු දඩයම් කිරිමට කිසියම් පිරිසක් අද 19 අලූයම් කාලයේ උත්සාහ කිරිම හේතුවෙන් එම සතාගේ ශරිරයේ විශාල කැපුම් තුවාල හතරකට වැඩි ප‍්‍රමාණයක් සහිතව එම ගම්මානයේ වෙල්යායක බලූ රංචුවකට කොටු වි කෑගසමින් සිටි මෙම සතා දඩයම්කරුවන්ගෙන් බේරා ගැනිමට ගමේ පිරිසක් සමත් වි ඇත.

මෙම සිද්ධිය වාර්තා වුයේ හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ අරකොටවැල්ල ගම්මානයෙනි. ගම්මුන් පවසන්නේ උදෑසන කුඹුරු වැඩ සඳහා වෙල්යායට යමින් සිටියදි එම වෙල්යායේ බලූ රංචුවකට බේරිමට විශාල වැලි මුවෙකු වෙල් යායේ ඒ මේ අත දුවමින් සිටි බවයි. දුවන මුවාගේ පිටෙහි විශාල කැපුම් තුවාල ඇති බවත් එයින් ලේ පිටතට වැටෙමින් පවතින බවත් ඔවුන් දැක ඇත. පසුව කුඹුරට ගිය කිහිප දෙනෙකු එක්ව වැලි මුවා පසු පස යන බලූ ?න එනවා දමා වැලි මුවා මහත් වු වෙහෙසක් දරාගෙන අල්ලාගෙන මෙ වන විට වනජිවි ආයතනයට භාර දිම සඳහා අප එහි යන විටත් එම දුරකථන අංක වෙත ඇමතුම් ලබා ගෙන තිබුණි.

සතාගේ පිටුපස ඝාතයේ විශාල කැපුම් තුවාලයක් ඇති අතර එය අගල් දෙක තුනක් යන තෙක් කැපි පවති. එමෙන්ම තවත් පිහි ඇණුම් සහ පහරවල් කිහිපයක් අහිංසක සත්වයාගේ ශරිරය පුරා දැක ගැනිමට හැකි වෙයි. එම සතාගේ මැස්සන් වසා එම තුවාල වලට බෙහෙත් ලබා දෙන තෙක් රෙදි කැබැල්කින් සතා වසා තිබුණි.

අවට ඇති කැලෑ බද ප‍්‍රදේශවල සිට රාත‍්‍රී කාලයේ ගම්මානය වෙත ජලය බිමට සහ ආහාර සොයා එන මෙවැනි වැලි මුවන්, මීමින්නන්, ඈයන්, ඌරන් දඩයම් කිරිමට ගමේ පිරිසක් රාත‍්‍රී කාලයේ උගුල් අටවන බවත් මෙම වැලි මුවාද එලෙස එම ග‍්‍රහණයට අසු වි පසුව දිවි ගලවා ගෙන එයින් පැන දිව යන අතරේ මෙසේ සතාගේ දිවි බේරා ගැනිමට ලැබිම සතුටට කරුණක් වන බව ඔවුන් අප සමග පැවසිය.

කෑලෑබද නිදහස් ජිවිතයක් ගත කරන මෙම සතා මිනිසුන්ට බය සතෙක් වන හෙයින් සතාට බෙහෙත් කරන තෙක් කුඩු කර හෝ වෙනත් ක‍්‍රම උපායකට සතා තබා ගැනිමට නොහැකි නිසාම සතාගේ පාද හතර රෙදි පටියකින් බැද තබා ඇත්තේ සතාට හානියක් සිදු කිරිමට නොව සතාගේ දිවි බේරා ගැනිම වෙනුවෙන් බවද ඔවුන් පවසති.

එහි ගිය අප හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා දැනුවත් කර අතර එතුමන් පැවසුයේ හැකි ඉක්මනින් සතා බේරා ගැනිම සඳහා වන ජිවි හෝ වෙනත් වගකිය යුතු ආයතනයක් දැනුවත් කරන බවයි.

එමෙන්ම ගම්වාසීන් අප සමග අදහස් දක්වමින් පැවසුයේ මෙවැනි ක‍්‍රියා සිදු කරන මේලෙජ්ජ පුද්ගයන්ට නිසි දඩුවම් ලබා දි ඔවුන් සමාජයට ප‍්‍රසිද්ධ කර මෙවැනි ක‍්‍රියා වගා නවත්වා ගැනිමට හැකි නම් එය මහත් වු පිටුවහලක් වන බවයි. අරණායක සාමසර කන්දේ නාය ගිය ජනතාවට මෙම ගම්මානයෙන් නිවාස 200 කට ආසන්නව වෙනම ගම්මානයක් ලෙස සකස් කර දි ඇති අතර එම ගම්මානයේ මෙවැනි වැරදි ක‍්‍රියා වල නිරත වන පිරිස් වැඩි බවද ඔවුන් පවසයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

247 views

18 Comments to “මස් වැද්දන් පිහිපහරවල් ගසද්දි කෑ ගසමින් දිව ගිය වැලි මුවා බේරාගනී..”

  1. Anura says:

    Den kawuda welimuwa?

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      තෝ නම් මහ මෝඩ මූසල මී හරකෙක් බොල​,,

  2. කෝ රොනාල්ඩෝ says:

    කර්මය පල දෙනවාමයි..එදාට කව්රුවත් බේරා ගන්න ඉන්න එකක් නැති වේවි. මේ බෞද්ධ රටෙත් එක තේරුම් ගන්න බැරි අය බොහෝයි..

    • 😈අසාද්‍ය සාලි 😲😲 says:

      කවුද කිව්වේ මේක බෞද්ධයාගේ රටක් කියලා…?
      මේක හම්බයගෙ රටක්…
      ලඟඳිම මේකෙ කොඩිය ” හලාල් ” වෙනවා…
      කූරාණය උදේ පහට ශබ්දනගා රේඩියෝවල
      දාන්න නියම කරනය….

      • ටොයිබයියා says:

        මීට රජේදාස වීජපක්ෂ

      • nimalsiri says:

        niyamai azad sally.mata hemadaama mewage veli muwek rost korala dunnoth mama umbata election ekedee
        fulla support eka denawaa UNP ekata harida.

      • jothipala,s says:

        ado umba muslim minissunta bennoth labana sumane sharja indhala lankawata corona aid dollars billions 40 dhaahak cut wie a nisa ada indhala kawruhari muslim minissunta baninna epa athakota lankawata hambawenna aid hambawenne nehei !!!

  3. දේශප්‍රේමියා says:

    දැන් තමයි වැඩිපුරම ඒ සතා ගැන අවධානයෙන් ඉන්න ඕන.
    අහලා තියෙන විදිහට professional මස් වැද්දෝ වැඩිපුරම ඉන්නේ වනජීවි එකේලු.

    • කෝ රොනාල්ඩෝ says:

      එකේ ඇත්තක් තියනවා. නමුත් බොහොම හොඳ කරුණාවන්ත අවංක නිලධාරීනුත් ඉන්නවා. ලංකාවට සම්පතක් වුනු වන් සතුන් රැකගන්න පිටරට ඉන්න මිනිස්සුන්ට තරම් උනන්දුවක් ලංකාවේ අපිට නැද්ද කියලත් හිතෙනවා.

      • ටොයිබයියා says:

        එකෙක් හිටියොත් ඇති මරන්ට

    • Love nature says:

      මස් වැද්දන් අල්ලා සිරගත කරනු …මොවුන් අපේ ස්වභාව දර්මය විනාශකරන යක්ෂයෝ …මුවා ට කල දේම මස්වැද්දන්ටත් කල යුතුයි එවිට තේරේවි ඒ සතුන්ට දැනෙන වේදනාව

  4. Hiran Kawshalya says:

    Me sathawa beragath hamadenatama Theruwan Saranai!!!!!!

  5. Vimarsha says:

    කොරෝනාවෙන් වත් මට්ටු වුනේ නැද්ද මුන්….කෑදර ම්ලේච්චයෝ….

  6. SL says:

    එක මස් වේලක් කන්න ,තත්පර ගානක් දිව පිනවා ගන්න ,ලෝකයක් වටිනා වඳවෙමින් යන සතෙක් ගේ ජීවිතය විනාශ කරන්න හදන කාලකන්නි මුරුගයෝ

  7. Sun says:

    These are the type of people living at the moment without knowing the reality of suffering killing innocent animals. We cannot believe but wicked people cannot understand the suffering animals. Because of these wrong attitudes most of the people are doing such things for a short happiness. They go to hell as a result of such things at the same time big people are doing other crimes like looting banks they also ending their lives in the hell.

  8. sena says:

    කොරොනා දේවයන්වහන්ස මේ පාපතරයන්ටත් දඩුවම් දුන මැනවී

  9. sunimal says:

    ඔනේම ආගමක් අදහන අය සතුන් මැරීම, සත්ව හිංසාව අතහැර සියලු සතුන් කෙරෙහි දයානුකම්පීව වසමු.

    • විප්‍රකාර says:

      ලංකාවෙ හරක් මරා ගෙන කන එක නවත්තන පාලකයකු බිහිවන තුරු එහි විපාක පාලකයා ඇතුලු සියළු ජනයාට ලැබනෙු ඇත.

Main News