මස් වෙලදාම හාන්සියි.. පැටවුන් මරා වල දමයි…

May 10, 2019 at 6:48 pm | lanka C news
මස් වෙලදාම හාන්සියි.. පැටවුන් මරා වල දමයි…

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු මෙරට කුකුළු මස් හා බිත්තර කර්මාන්තය දැඩි ලෙස කඩා වැටී ඇතැයි සමස්ත ලංකා කුකුල ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ හෝටල් කර්මාන්තයේ කඩා වැටීම හේතුවෙන් කුකුළු මස් හා බිත්තර ඉල්ලුම දැඩි ලෙස පහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් කුකුළු පැටවුන් ගෙන් 40% පමණ මරා වළ දමා දැමීමට සිදුව ඇති බවද ඇනැවුම් නොමැති නිසා කුකුළු පැටවුන් නඩත්තු කිරීම සඳහා අමතර වියදමක් දරන්නට නොහැකි වීමෙන් එකම විකල්පය වන්නේ එය පමණක් බවද ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කුකුල් මස් ව්‍යාපාරිකයන්ට දැන් තිබූ ඇනවුම් වලින් විශාල ප්‍රමාණයක් අවලංගු වී ඇති නිසා ව්‍යාපාරිකයන් දැඩි ලෙස ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ව්‍යාපාර කඩාවැටීම හේතුවෙන් මේ වනවිට කුකුළු පැටවකුගේ තොග මිල රුපියල් 70 සිට රුපියල් 35 දක්වා පහළ බැස ඇති බව ද පවසන ඔහු මේ හේතුවෙන් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ දහයකට අධික පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද කියා සිටී.

57 views

13 Comments to “මස් වෙලදාම හාන්සියි.. පැටවුන් මරා වල දමයි…”

  1. ranjan says:

    ඊ ළග සැරෙත් unp යට චන්දෙ දුන්නනම් ඉතිරි ටිකත් නැති කරගන්න පුළුවන්

    • john says:

      Thats very true.. 70% of these business people are short cited and voted for the UNP since 1970s

    • Susil says:

      Majority of animal flesh farms are run by Muslim extremists (Not all Muslims).
      Boycott all these business run by extremist Muslim leaders.

  2. saman says:

    බටහිරට යටත්වී පිටරටින් කමු.

  3. Sadda says:

    සමස්ථ රටම කාබාසිනියා කලා.

  4. විස්කි මැඩම් says:

    තිබ්බ ටික මදි වෙලා වැඩියෙන් ගන්නනේ චන්දෙ දුන්නේ.
    දැන් ඉතින් ඔය නියමෙට හම්බ වෙලා තියෙන්නේ………………….
    අරක දෙන්නම් මේක දෙන්නම් කිවුවට චන්දෙ නොදී ඉදිරියට වත් විශ්වාස කරන්න පුළුවන් මිනිහෙක්ට (කියන දේ කරන, කරන දේ කියන මිනිහෙක්ට) චන්දෙ දීපල්ලා.

    • Sira says:

      වැඩිය කන්න ගිය රටේ වලහ කාපි පරි ඇටේ

  5. gadol says:

    ලක්ෂ 62ක් මුන්ට චන්දය දුන් තණකොළ කන හරක් ටික දැන් මොනවද කියන්නේ?

  6. Gayantha says:

    මේ රට කවදාවත් ලේසියට හදන්න බෑ රටට හිතැති පාලකයෙක් එනකන්. මේ වගේ වෙලාවක ආර්තිකයට වෙන හානිය අවම කරගන්න කිසිම වැඩ පිලිවෙලක් ආන්ඩුව නෑ කියන එක පේනවා. විකුනගන්න නොහැකි එවා ටින් කරලා කල් තියාගන්න ක්‍රම වලට් යන්න තිවුනා, සමහර විට පොඩි ලාබයක් තියන් වෙන රටකට විකුනන්න උත්සහ කරන්න තිවුනා. අනික මේ රට යන විදිය අනුව නම් ණයට හෝ ගෙවීමේ ක්‍රම වලට කිසිම දෙයක් ගන්න් යොමු වෙන්න එපා. අනික වියාපර වුනත් පුලුවන් තරම් කුඩාවට කරගෙන යන්න
    කබලෙන් ලිපිට වැටෙන්නේ. මොකද ආන්ඩුවෙන් ලොකු පිහිටක් ලැබෙන්නේ නෑ වගේම ඔවුන්ට උවමනාවකුත් නෑ. ඔවුන් කැමතියි කඩන් වැටෙන රටකට. මොකද ඒ වගේ රටක හොරා කන්න ලේසියි

  7. sathya says:

    Crisbro, Bairaha, Haira, Hijra Chicken sure naha

  8. Chathura says:

    සත්ව ඝතනය නිසා තව තවත් දරුනු ප්‍රහර වලට අප ගොදුරු වනු ඇත

    • Sun says:

      Only few people can see this. We know through our developed minds. If we continue killing killing we are going away more and more from the reality. If you sit and think few minutes that is much better than earning money like this. Then only you can come to the path beyond only the wise can see.

    • Sun says:

      Only few people can see this. We know through our developed minds. If we continue killing we are moving away more and more from the reality. If you sit and think few minutes that is much better than earning money like this. Then only you can come to the path beyond only the wise can see.

Main News