මසුන් අල්ලමින් සිටියදී අකුණුසැර වැදී ධීවරයෙකු මරුට…

November 29, 2021 at 2:15 am | lanka C news
මසුන් අල්ලමින් සිටියදී අකුණුසැර වැදී ධීවරයෙකු මරුට…

වව්නියාව රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ වැවක මසුන් අල්ලමින් සිටි ධීවරයෙකුට අකුණුසැර වැදී මිය ගොස් සිටියදී සිරුර සොයාගත් බවට නෙලුක්කුලම් පොලීසිය පවසයි.

මේ දිනවල වවුනියාව දිස්ත්‍රීක්කයට අධික වර්්ෂාවක් ඇදැහැලෙන අතරම රාත්‍රියේ අධික වර්ෂාව හමුවේ අදාල තරුණයා මසුන් ඇල්ලීම සඳහා දැල් ආම්පන්නත් රැගෙන වැවැට බැසීමට සූදානම් වන අවස්ථාවේදී මෙලෙස අකුණුසැර වැදීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවට පොලිසිය අනාවරනය කො ගෙන ඇත.

මෙලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ වව්නියාව රාසේන්ද්‍රකුලම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සිවලිංගම් දිනේෂ්කුමර් නැමති අයෙකු බවට හඳුනාගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන නෙල්ක්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,657 views

One Comment to “මසුන් අල්ලමින් සිටියදී අකුණුසැර වැදී ධීවරයෙකු මරුට…”

  1. Rani says:

    SAD NEWS. ALWAYS POOR ARE IN TROUBLE

Main News