මහජන උපයෝගිතා කොමිසම වසා දමයි..

December 3, 2020 at 4:40 pm | lanka C news
මහජන උපයෝගිතා කොමිසම වසා දමයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි මහජන උපයෝගිතා කොමිසම් සභාව වැසීමට රජය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ පිලිබදව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට යවන ලද ලියුමකින් දන්වා ඇත.

විදුලි ජනන සැලැස්ම සහ විදුලි බලාගාර සෑදීම පමා වීමට හේතු වූ මහජන උපයෝගිතා කොමිසම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර තිබු කබ ඇදිල්ල මෙයට ආසන්න හේතුව ලෙස දන්වා ඇත.

විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි ගමන කාර්යක්ෂම කිරීම සහ විදුලිබලාගාර සෑදීමට තිබු බාධා ඉවත් කිරීමෙන් පසු පසට ඇදී ගිය ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට මෙම පියවර ගත් බව ආරංචි මාර්ග පවසයි.

එහි රාජකාරි සිදු කළ තාක්ෂණික කාර්ය මණ්ඩලය ජාතික සැලසුම් දෙපාර්තුමේන්තුව, විදුලිබල අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කුසලතා පදනම මත අනියුක්ත කිරීමට සැලසුම් කර ඇත.

ඉදිරියේදී 2002 අංක 35 දරණ මහජන උපයෝගිතා කොමිසම පනත අවලංගු කිරීමක් ගැනද සදහන් වේ.

ඒ සදහා එම පනතේ තිබු බලතල ලංවිම පනතට සහ පාරිභෝගික කටයුතු පිළිබද පනතට ආදේශ කිරීමක් සිදු කරන බවද දන්වා යවා ඇත.

– repoter

31,691 views

6 Comments to “මහජන උපයෝගිතා කොමිසම වසා දමයි..”

  1. ලොලිපොප් මොංගල් බලකාය says:

    එදා වෙලා හොයාගෙන ජීවත් වෙන මිනිස්සුන්ට ඔය එක කොමිසමක් වත් වැඩක් නැහැ. පුළුවන් නම් තව ලයිට් බිල අඩුකරන ක්‍රමයක් බලන්න. පුළුවන් නම් හාල් පරිප්පු පොල් ලුණු අඩුමිලට ගන්න ක්‍රමයක් හදන්න.

    • බූරු පුතානෝ සජීයා says:

      උබල වගේ ලොලිපොප් මොංගල් පොරවල් වලට මේව තෙරෙන්නෙ නෑ.

    • ශිරාන් says:

      අනේ මොංගල් සීමයියෝ.
      විදුලි බල මණ්ඩල ඉන්න කොමිස් කාක්කන්ගෙන් බේරෙන්නේ තමා මහජන උපයෝගිතා කොමිසමට බලතල තිබ්බේ.දැන් එකත් නැති උනාම කොමිස් ගහලා වැඩි මිලට විදුලිය ගත්තාම තොට බිල අඩුවෙළ එයි

    • ක්‍රිමිනල් says:

      මෝඩ පහේ බෛයො දන්නේ හුලගටත් ඇන්දිලා චන්දේ දාන්න , කුණුහරුප පලන්න විතරයි.නැට්ටේ ඉදං ගොම.

  2. අමිල says:

    ඕකේ ජයනාත් හේරත් කියලා සිරස ආයතනයේ හිටපු හෙංචයියෙක් සිටියා. එයා තමයි මණ්ඩලේ අපකීර්තියට පත් කළ මාළක කියන NGO කාරයත් එක්ක එකතු වෙලා උපයෝගීතා කොමිසම ඔය තත්වෙට ගෙනාවේ. ඔය වගේ චීත්ත කෑළී මෙවැනි කොමිසම් වල ඉහළ තනතුරු වලට දාපුවහම කොහොමත් ඒවා පිරිහෙනවා.

  3. kasun says:

    mewage hoda commissions wahanne hora wada karagena yanna. CEB eken minissunta wena asadarana gana paminili karala ewa hanna tibba ekama thanath wahanawa kiyanne mara gov ekak. ammo bayiyo kiyanne nam hena gon tamai. me commission eken wehha hoda dewal me ekekwath danne na. man meka danna hindamai kiyanne. personal experiance

Main News