මහජන බැංකුවට නව සභාපතිනියක් පත් කරයි..
November 27, 2018 at 5:30 pm | lanka C news
මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි.
සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.
කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් :ෂී*සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.
වසර තිහකට අධික සිය රාජ්‍ය සේවා පරිචය තුළ සුජාතා කුරේ මහත්මිය වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් ඉහළ තනතුරු හෙබවිය.
මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ මණ්ඩලයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.
සුජාතා කුරේ මහත්මිය ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජ කොමිසමේ වාර්ෂික සැසි සහ ජාත්‍යන්තර සමුඵ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇත.
මේ වන විට ඇය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.
– මහජන බැංකුව
Nice to hear. Wish this lady all the best and trust that she will give priority to Sri Lanka unlike the previous regime political appointees.
Excellent appointment with good credentials. There should be no complaints.
Hope everyone will stop pointing fingers at her and allow her to work.
පෞද්ගලික බැංකු කීපයක අධ්යක්ෂ මන්ඩලයේ ඉඳීිම Conflict of interest නෙවෙයිද
Dan innawai kiyala me warthawe ne. Hitiyai kiyalai thiyenne.
“කාන්තාව දුර්වලයි“ ඒක නේද සමාජයේ තියන පිළිගැනීම?. ඒත්… ඇත්ත ඒක නෙවෙයි. කාන්තාව හරිම ශක්තිමත්.
ජීවිතේ ගැන අවදානමක් දරමින් තවත් ජීවිතයක් තමන්ගේ ශරීරය ඇතුළේ උහුලාගෙන ඉන්න පුළුවන් ශක්තිය තියෙන්නේ, මනුෂ්‍යයෙකුට ඔරොත්තු නොදෙන තරමේ මහා වේදනාවක් දරලා දරුවෙක් මේ ලෝකයට බිහි කරන්න ශක්තියක් තියෙන්නේ කාන්තාවකට. තමන්ගේ ශරීරයේ ලේ වලින් අඩක්ම කිරි බවට හරවලා දරුවන්ව පෝෂණය කරද්දිම තමන්ගේ පවුල වෙනුවෙන් දහඩිය හෙලන්න ශක්තිය තියෙන්නේ කාන්තාවන්ට. ජීවිතේට මුහුණ දෙන්න, දුක් වේදනාවන් දරාගන්න, කාන්තාවන්ට පිරිමින්ට වඩා ශක්තියක් තියනවා. ඉතින් කාන්තාව ශක්තිමත්… හැම කාන්තාවක් ලගම ඒ ශක්තිය තියනවා.
ඒ වගේ ශක්තිමත් කාන්තාවෝ ඉතිහාසයේ ඉදන් මේ වෙනකල් කොයි තරම් නම් ජීවත් වෙන්න ඇතිද?. ඒ කාන්තාවන් තමන්ගේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් කොයි තරම් සේවයක් කරන්න ඇතිද?.
ඒත් තාමත් කියවෙන්නේ කාන්තාව දුර්වලයි කියලා. ඇයි ඒ?.. ඒකට එක හේතුවක් තියනවා. කාන්තාවන් තමන්ගේ ශක්තිමත් බව පෙන්නන්නේ හරිම අඩුවෙන්. ලෝකය වෙනුවෙන්, රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන් වැඩක් කරන්නට ඉදිරිපත් වෙන්නේ හරිම අඩුවෙන්. ඒකයි ඒ.
එහෙම ඉදිරිපත් වුණු කාන්තාවෝ හිටියා. ඒ අය අදටත් පූජනීය ශක්තිමත් කාන්තා චරිත. වීරවරියෝ.
දුටු ගැමුණු කුමාරයාට ධෛර්යය දීලා රට වෙනුවෙන් යුද්ධ කරන්න යවපු විහාර මහා දේවියව කවදාවත් අමතක වෙලා යාවිද? සොලීන්ගෙන් පලා යන වලගම්බා රජුව ආරක්ෂා කරගන්න අස් රියෙන් බැහැලා සතුරන්ට බිලිවුණු සෝමා දේවිය මොන තරම් ශක්තිමත් කාන්තාවක්ද? රාජ පරම්පරාවේ කාන්තාවන් විතරක් නෙවෙයි එදා හිටපු ගම්බද කාන්තාවන් පවා තමන්ගේ ශක්තියෙන් රටට වැඩක් කළා. තමන්ගේ ස්වාමියාට බත්පත ගෙනියන අතර මගදී ගල් එකතු කරලා දොළ පාරක් හරස් කරලා පුංචි වැවක් හදපු අපේ සිංහල කාන්තාවන් ගැන අහලා ඇති නේද?
එදා ඒ අයගේ හිතේ තිබුණු ධෛර්යය ශක්තිය මේ රටට ජාතියට කොයි තරම් නම් වැදගත් වුණාද? ඉතින් එදා වගේම අදත් ඒ ශක්තිය ධෛර්යය මේ රටටත් ජාතියටත් උවමනා වෙලා තියනවා.
Gotaimbara
Former Chairman of PB is now Secretary Defense as well as chief of staff with President . Jg ust talking for the sake of talking.