මහජන බැංකුවෙන් පොසොන් බොදු ගී…
June 7, 2017 at 2:23 am | lanka C news
මහජන බැංකු කාර්ය මණ්ඩලය දොළොස්වන වරටත් සිංහල හා දෙමළ බසින් ඉදිරිපත් කරන පොසොන් බොදු ගී සරණිය පොසොන් පොහෝ දින අනුරාධපුර රුවන්වැලි මහා සෑ උතුරු වාහල්කඩ අබියසදී පැවැත්වේ.
මෙහිදී උතුරු මැද, මධ්‍යම, ඌව, උතුරු කලාපයන්හි මෙන්ම මහජන බැංකු කලා කවයේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් බොදු ගී ගායනා කරයි.
එමෙන්ම අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සිල් සමාදන් වූ උවැසි උවැසියන් විසිපන්දාහකට අධික පිරිසකට උදෑසන හීලදානය පිරිනැමීමට හතලිස් වන වරටත් මහජන බැංකුව හා පීපල්ස් ලීසිං හා ෆිනෑන්ස් සමාගම කටයුතු යොදා ඇත.
අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම ජෝතිධජ පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ සහ රුවන්වැලි මහ සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.
– භාරත ප්රභාෂණ