මහජන බැංකුව-ලංකා බැංකුව පුද්ගලීකරණය කරයි..

September 26, 2017 at 10:00 am | lanka C news
මහජන බැංකුව-ලංකා බැංකුව පුද්ගලීකරණය කරයි..

මහජන බැංකුව, ලංකා බැංකුව හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පුද්ගලීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමස්ත ලංකා බැංකු සේවක සංගමය සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ එම රාජ්‍ය ආයතනවල 10%ක කොටස් නිකුතුවකින් ඒවා පුද්ගලීකරණය කිරීමට සූදානම් වන බවයි.

දිගින් දිගටම ලාබ ලබන මෙම රාජ්‍ය ආයතන දංගෙඩියට යැවීමේ උපායක් ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් කොටස් නිකුතුව හරහා මෙම ආයතනවල කොටස් පුද්ගලික ව්‍යාපාරිකයන් අතට පත්කිරීම සදහා ගන්නා උත්සාවයට විරෝධය පල කරන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

704 views
Main News