මහජන බැංකු සභාපති දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් කෝටි පහක් වන්දි ඉල්ලා නඩු යයි..

September 14, 2017 at 12:40 pm | lanka C news
මහජන බැංකු සභාපති දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් කෝටි පහක් වන්දි ඉල්ලා නඩු යයි..

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නම් සංවිධානයක කැදවුම්කරු එස්.පී. විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡ පවත්වමින් ද්වේෂසහගත ප‍්‍රකාශ සිදු කරමින් තම කීර්තිනාමයට හානි සිදු කළේ යැයි පවසා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු විසින් නඩු පවරා තිබේ.

හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් දුම්රිය සේවයට අයතා අලාභයක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට විතානගේ මහතා විසින් එම මාධ්‍ය සාකච්ඡුාවේදී චෝදනා කළේය.

කෙසේ නමුත්, එම සියලූ චෝදනා පදනම් විරහිත බව පවසන හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙලෙස අධිකරණයේ නඩු පවරමින් තවදුරටත් සදහන් කර ඇත්තේ එම පුද්ගලයා මෙවැනි ප‍්‍රකාශ මගින් තමාගේ කීර්තිනාමයට බරපතල හානියක් සිදු කිරීමේ චේතනාන්විත උත්සාහයක නිරත වන බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තෝරන්නා යන තනතුරේ සේවය කරන එස්.පී. විතානගේ මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ දී මෙම නඩුව පවරා ඇත්තේ ඒ අනුවය.

– YPA

3 views
Main News