මහජන මන්ත‍්‍රණ සභාවෙන් ආණ්ඩුව දෙදරයි… බලය පවත්වාගෙන යන්න විපක්‍ෂයේ සහාය ඉල්ලයි.. ප‍්‍රබලයෙක් ඩීල් එකක..

October 31, 2021 at 10:02 pm | lanka C news
මහජන මන්ත‍්‍රණ සභාවෙන් ආණ්ඩුව දෙදරයි… බලය පවත්වාගෙන යන්න විපක්‍ෂයේ සහාය ඉල්ලයි.. ප‍්‍රබලයෙක් ඩීල් එකක..

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මත ආණ්ඩුව නියෝජනය කරන සුළු පක්‍ෂ මැති ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් පාලන බලය පවත්වාගෙන යැමට අවශ්‍ය සහය ලබාගැනීමට ප‍්‍රබල ඇමැතිවරයකු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු සමග රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇත.

එම ප‍්‍රබල ඇමැතිවරයා පසුගිය දිනෙක විපක්‍ෂයේ අදාළ ජ්‍යෙෂ්ඨයා හමුවී ඒ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අදාළ ඇමැතිවරයා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත්, විපක්‍ෂයේ එම ජ්‍යෙෂ්ඨයා ආණ්ඩු බලය පවත්වාගෙන යෑමට සහය ලබාදීම සම්බන්ධයෙන් යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නැතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වත්මන් ආණ්ඩුවට තවත් වසර කිහිපයක්ම පාලනය බලය පවත්වාගෙන යෑමට අවශ්‍ය වන බැවින් අදාළ ඇමැතිවරයා මෙලෙස විපක්‍ෂයේ සහය අපේෂා කර තිබේ.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව එකඟතාවයකින් තොරවම අවසන් වී ඇතැයි ද ඉහත දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

අකිත පෙරේර
– divaina

98,399 views

9 Comments to “මහජන මන්ත‍්‍රණ සභාවෙන් ආණ්ඩුව දෙදරයි… බලය පවත්වාගෙන යන්න විපක්‍ෂයේ සහාය ඉල්ලයි.. ප‍්‍රබලයෙක් ඩීල් එකක..”

  1. පූසා says:

    පුස්..පූස්…

  2. කැපුවත් පොහොට්ටුවට says:

    රනිල්වනම් ගන්න එපා.

    • මරුසිරා says:

      මහජන මන්ත‍්‍රණ සභාව නිසා කුහක ජෙප්පන් හොඳටම කලබල වෙලා.

  3. විදුර says:

    මේවා නරි නාටක මහත්තයො.. නරි නාටක

  4. Susantha says:

    ඔය කිව්වට විමල්ලා ගම්මන්පිල කවදාවත් ආන්ඩුවෙන් යන්නෙ නෑ, ඔවුන් දන්නවා ගියොත් ගෙදර තමා කියලා, ආන්ඩුවට මුක්කු ගහන්න මුස්ලිම් මන්ත්‍රිවරු අමුඩ ගහගෙන ඇත්තේ ඕකුන්ට ඕනෙ සල්ලි විතරයි රාජපක්ෂලාගෙ හොරාකාපු සල්ලිවලින් දූවිල්ලක් තරමක් තමයි අවශ්‍ය වන්නේ ඕකුන්ව සල්ලිවලට ගන්න

    • Amda says:

      3%ට පිලිගත නොහැකි සත්‍යය: යහපාලන කාලේ ඔවුන් හිටියෙ ගෙදර තමයි…3% වගේ විකිනුනේ නෑ…ටොයිලට් ඇතුලෙදි ඩොලර් කුට්ටි බෑග් බාර ගත්තෙ නෑ

  5. 0.69 MIN BAIYOO says:

    මේවා නරි නාටක !!!
    ඔය කිව්වට විමල්ලා ගම්මන්පිල කවදාවත් ආන්ඩුවෙන් යන්නෙ නෑ, ඔවුන් දන්නවා ගියොත් ගෙදර තමා කියලා, ආන්ඩුවට මුක්කු ගහන්න මුස්ලිම් මන්ත්‍රිවරු අමුඩ ගහගෙන ඇත්තේ ඕකුන්ට ඕනෙ සල්ලි විතරයි රාජපක්ෂලාගෙ හොරාකාපු සල්ලිවලින් දූවිල්ලක් තරමක් තමයි අවශ්‍ය වන්නේ ඕකුන්ව සල්ලිවලට ගන්න

    • අනේ ගොනෝ says:

      3%ට පිලිගත නොහැකි සත්‍යය: යහපාලන කාලේ ඔවුන් හිටියෙ ගෙදර තමයි…3% වගේ විකිනුනේ නෑ…ටොයිලට් ඇතුලෙදි ඩොලර් කුට්ටි බෑග් බාර ගත්තෙ නෑ

  6. Dengu Nona says:

    aanduwath dan Cheena Goo Pohora Nawak wageyi!

Main News