මහනායක හිමිවරුන් රතු එලි දල්වති.. මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම නවතී..
May 8, 2017 at 8:40 am | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂවාට යොදා සිටි භටයින් 50 දෙනෙකු ඉවත් කිරීමට ඊයේ පස්වරුවේ කර තිබූ දැනුම්දීම අවලංගු කර තිබේ.
එකී තීරණය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් ආණ්ඩුවේ ඉහල ප්රධානියෙක් අමතමින් ඉල්ලා ඇත්තේ ඉවත් කළ ආරක්ෂාව යලි ලබා දෙන ලෙසයි.
එසේ නොකරන්නේ නම් දැඩි ක්රියාමාර්ග ගන්නා බවද මහ නාහිමිවරුන් දන්වා ඇති බව වාර්තා වෙයි.
මේ වන විට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සදහා සිටින සියළු පිරිස 157ක් වෙයි.