මහනාහිමිවරුන්ගේ මතය ඒකාබද්ධ විපක්ෂයත් පිලිගන්නේ නෑ.. ජානිපෙ මන්ත්‍රීන් 05ත් සමග අප ඉවත් වෙනවා..- විමල් අමුතු අඩවුවක..
July 14, 2017 at 10:06 pm | lanka C news
ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සහ එහි මෙහෙයුම් කමිටුවේ රුඳී සිටීමෙන් හැඟී යන්නේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ සංඝ විධානය ආණ්ඩුව පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ අප ද පිළි නොගන්නා බව යැයි ද ඒ නිසා මේ මොහොතේ ඒකාබද්ධ විපක්ෂය ඉහත කී ව්‍යවස්ථා සම්පාදක ආයතනවලින් වහාම ඉවත් විය යුතු යැයි ද ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මෙසේ අවධාරණය කළේ ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්රණ මාලාවේ සිව්වැන්නෙහි ප්‍රධාන දේශනය සිදු කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.
‘කොමදෝරු දසනායක අත්අඩංගුවට ගත්තේ ඇයි?’
මේ ආණ්ඩුව රටේ පැවැත්මත්, ආරක්ෂාවත් අනතුරේ හෙළා තිබෙනවා. මේ වන විට යුද සමයේ නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස සහ ප්‍රහාරාත්මක නාවික හමුදා බලඇණිවල ප්‍රධානියා ලෙස කටයුතු කළ කොමදෝරු ඩී. කේ. පී දසනායක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොමදෝරු දසනායක කියන්නේ නාවික හමුදා ඉතිහාසය තුළ ක්ෂේත්‍ර සම්මානය දිනා ගත් 08 දෙනාගෙන් එක් අයෙක්. එසේම දෙවන වතාවටත් එම සම්මානය සඳහා නිර්දේශ වූ දෙදෙනාගෙන් එක් අයෙක්. සී.අයි.ඩී අධ්යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමයි මේ රණවිරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. වෛද්‍යවරුන්ගේ නිර්දේශ පවා නොසලකා, මේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට විශිෂ්ට මෙහෙවරක් කළ මේ රණවිරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද සමයේදී ත්‍රිකුණාමලයේ සිට මාළු ලොරියක, අධිශීතකරණයක බෝම්බ පුරවාගෙන ඇවිත් කොළඹ නගරය වනසා දැමීමේ සැලැස්මක් නාවික හමුදා බුද්ධි අංශවලට හෙළිදරව් කර ගත හැකි වුණා. ඒ අනුව ත්‍රිකුණාමලයේදී එම ලොරිය අත්අඩංගුවට ගනු ලැබුවා. ලොරියේ රියදුරාගෙන් සහ සහයකයාගෙන් මේ කොන්ත්‍රාත්තුව දුන් අය හෙළිකර ගෙන ප්‍රබල එල්ටීටී ත්රස්තවාදීන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. මේ අය දැන් අතුරුදහන්ලු. ඒ 10 දෙනාට දැන් කියන්නේ ත්රස්තවාදීන් නොවෙයි දරුවන්. ‘දැන් මරුවන් දරුවන් වී ඇත. විරුවන් මරුවන් වී ඇත. ඒ සිදුවීමට අදාළව තමයි කොමදෝරු දසනායක අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මේ රට මර බියෙන් ගලවාගත් රණවිරුවන් අද කවර හෝ චෝදනාවක් පටලවා හිරේ දමන එකයි මේ ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ. ඔවුන්ට අවශ්‍ය තමන්ට බලයට ඒමට පාර කපා දුන් දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමටයි, ජිනීවා න්‍යාය පත්‍රය පිනවීමටයි, මේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට ඇද වැට්ටවීමටයි. ඒ විදියට මේ ආණ්ඩුව රටේ ජාතික ආරක්ෂාව කෙලෙසමින් සිටින්නේ.
අපේ මව්බිම අද තියෙන්නේ අනතුරුදායක ඉමක. ඇඟට පතට නොදැනී මව්බිම දෙකඩ කිරීමේ දිසාවටයි රැගෙන යමින් තිබෙන්නේ. අලුත් ව්‍යවස්ථාව එන්නේ ඒ උවමනාව ඉටුකර දීමටයි. ඒ නිසා මව්බිමට ආදරය කරන සියලු දෙනා මේ ව්‍යවස්ථාව හදන ක්‍රියාවලියෙන් ඉවත් විය යුතුයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනා එළඹෙන පාර්ලිමේන්තු සතියේදි කථානායකවරයාට ලිඛිතව දැනුම් දෙනවා ‘අපි 05 දෙනා තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයෝ නොවෙමු. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස හැඳින්වීමට හැකියාවක් නැහැ.’ කියා ප්‍රකාශයට පත් කරන්න’ කියලා. මේ නව ව්‍යවස්ථාව හැදීමේ කටයුත්ත ඇරඹුවේ මුළු පාර්ලිමේන්තුවම ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක්’ බවට පත් කරමිනුයි. ඒ නිසා 225න් එක් අයකු ඉවත් වුවත් එයට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ යන නාමකරණය ලබා දීමට බැහැ. මේ ආණ්ඩුව ලෝකයට කියනවා ‘මේ ව්‍යවස්ථාව හදන්නේ මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා. එතැන ඒකාබද්ධ විපක්ෂයත් ඉන්නවා’ කියලා.
අපි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ටත් යෝජනා කරලා තිබෙනවා ‘දැන් ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් සහ එහි මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීමත් කාලය හරි’ කියලා. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විධානය කරනවා නම් ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ’ කියලා උන්වහන්සේලා එපා කියන ව්‍යවස්ථාව හදන, ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ හෝ එම මණ්ඩලය මෙහෙයවන මෙහෙයුම් කමිටුවේ ලගින්න ඒකාබද්ධ විපක්ෂයේ අපට අයිතියක් නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ අපි තවදුරටත් ඒ මණ්ඩලයේ සහ කමිටුවේ ඉන්නවා කියන්නේ ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ සංඝ විධානය ආණ්ඩුව පමණක් නොවෙයි ඒකාබද්ධ විපක්ෂයේ අපිත් පිළිගන්නේ නැහැ’ කියන එකයි.
මේක ත්‍රෛනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා දේශපාලන නායකත්වයටත් වඩා ඉදිරියට ඇවිල්ලා, රට ජාතිය වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු වෙලාවක්. ඒ නිසා අපි මේ රටට ආදරේ නම් උන්වහන්සේලාගේ අරහත් ධජය යටතේ ඒ ගොඩනඟන ලද මතය ඔස්සේ දැවැන්ත පෙරළියකට මඟ පාදන්න ඕනෙ”
මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර මහතා විසින් දරනු ලැබීය. පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය පියසිරි විජේනායක, ලලන්ත ගුණසේකර යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
සිරගෙවල් පෙන්වා බය කළ නොහැකි සිංහලයින් ඉන්නා බව පේනවා…..
Dont know what Wimal is planning. He is shrewd and crafty. When every he puts honorable Priests in front, others should be careful.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය හබක් වගේ්…දිනේෂ් බුදිද බන්……
This Nuwan fellow always talks nonsense. Useless bgr .
රිදෙන්න වැදිල වගේ….
Hora Thakkadiya. Muge kakull theken ellala maranna ona.
You should be hanged from a real tree you SOB MF William tree.
Umbawa ellanna one eta theken William tree.
Pissu william tree ellanna ona niyama widiha reply kara thibe👍👍
William Tree ,
Gedara Wiyawasthawawat Hariyta Balaganna Bari kattiya,
Rata Hadanna thatameema Tharam Thawath Wihiluwak Me loke Thiyeida ?
Sinhala rate rata venuwin wadakal minissu athadanguwata ganna me wage rataka Nayakayo sitithda. Unta Ratak baradenna puluwanda. MY3 hithanne yudda adin ewarai kiyala. ayith Yuddayak awoth kauda ratawennuwen idiripath wenne. Chandrikage kaleth ohoma kalayak thibuna. MR yantham kattiya ekathukarala Thrasthwadin evara kala.
Munta Melo hasarak therenne natha. go nammbek ape rate nayaka wela. Mokada karrane. tikak wenas vidihata hithuwe nathnam ratath evarai, Apith Evarai.
Col Malli.
Kiyana Deyak Ahala Bahinawao Eliyata Oya 5 Dena
මේ බණ කියන්නේ එදා එක කළිසමයි කමිසයයි මට අඳින්න තිබුනේ පුට් බයිසි කලයක් ගන්න රුපියල් සියක් මට තිබුනේ නැහැ කියා ඔහුගේ කටින්ම කියපු වීරවංශ කියන හොර vip ගමන්බලපත්‍ර හදපු දූෂිතයා නේද? යහ පාලනයේ හොඳකමින් හිරබත් නොකා බේරිලා ඉන්නවා.
රටට හරි ආදරේ මිනිහා ගෑණිට හොර vip පාස් පෝට් එකක් හැදුවා යකෝ මේ යකා කටින්ද මොකෙන්ද මේ කතා කරන්නේ.මේක තනිකරම රටටයි රජයටයි කරපු මහා වංචාවක්නේ