මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා..

June 11, 2019 at 4:40 pm | lanka C news
මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා..

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා.  පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා කියා බොරු බියක් ඇති කරන්න දේශපාලන කෑදැත්තන් උත්සාහ කරනවා කියා චෝදනා කළා.  රණවක ඇමතිතුමා දේශපාලන කෑදැත්තන් කියා අපහාස කරන්නේ මහනායක ස්වාමින් වහන්සේලාට සහ කාදිනල්තුමාට නොවේ ද?  කෑදැත්තා කියන්නේ හොට වක්‍රව තිබෙන කුරුල්ලෙක්.  දේශපාලන කෑදැත්තා කියන්නේ වක්‍රව දේශපාලනය කරන අයටයි.  මේ ඇමතිතුමා කියන්නේ මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා වක්‍රව දේශපාලනය කරන බව නේද?

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා බොරු බියක් මවන්නේ නෑ.  උන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ සහතික ඇත්ත.  2007 දී අත්සන් කළ Acquisitions and Cross Servicing Agreement නැතිනම් ඇක්සා ගිවිසුම පිටු 7යි.  නමුත් 2017 දී අත්සන් කළ ගිවිසුමේ පිටු 54යි.  මේ ගිවිසුමට ඇතුළත් කළ අළුත් කරුණු මොනවාද?  ඒ ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?  ඒ වගේම මැයි 15 සිට 17 දක්වා ඇමෙරිකාවේ  ගත කළ තිලක් මාරපන ඇමතිතුමා එහි දී සාකච්ඡා කළ Status of Forces Agreement හෙවත් සෝෆා ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?  ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුම් ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන් වන බවත් ඔවුන් මොන අපරාධයක් කළත් තානාපති මුක්තිය හිමි වන බවටත් වගන්ති ඒ ගිවිසුමේ අඩංගු බව මාධ්‍ය වාරතා කළා.  ඒක බොරු නම් ඇත්ත කෙටුම්පත රටට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?

අවුරුදු පහකට බලයට එන ආණ්ඩු වලට අවුරුදු 10ක් 35ක් හෝ 99ක් රට ගැට ගැසෙන ගිවිසුම් අත්සන් කරන්න බැරි වන ආකාරයෙන් අපේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

මංගලගේ ආමිස පූජාවන්ට යතිවරයන් යට වෙන්නේ නෑ

ජාතියේ පවට උපන් කට හීලෑ නැති ඇමති මංගල අපූරු ප්‍රකාශයක් කළා.  ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378කට රුපියල මිලියන 208ක් ලබා දී තිබිය දී මට පන්සල් වලට ඇතුළුවීම තහනම් කලේ ඇයි කියලා එතුමා ප්‍රශ්න කරනවා.  මංගල ඇමතිතුමනි, බුදු දහම රැක ගන්නවා කියන්නේ හාමුදුරුවන්ට සල්ලි දීලා සාක්කුවේ දාගන්න හදන එක නොවේ.  කහ සිවුර කවදාවත් ආමිස පූජාවන්ට යට වුණේ නෑ.  හාමුදුරුවරුන් ආමිස පූජාවන්ට යට වුණා නම් උඩරට රාජධානිය අල්ලා ගන්න සුද්දන්ට 1815 වන තුරු ඉන්න වෙන්නේ නෑ.  මේ කහ රෙදි පොරවා ගත් හමුදාව සිටිනා තුරා අපට ලංකාව යටත් කර ගන්න බෑ කියා සුද්දා ලියන්නෙත් නෑ.

වසර 2,300ක් අඛණ්ඩව බෞද්ධයින් බහුතරයක් ජීවත් වුණු ලොව එකම රට ලංකාවයි.  ලෝකයේ වෙනත් කිසිම රටක් එතරම් දිගු කලක් එකම ආගමක් සමග පැවතිලා නෑ. අපේ රටේ ඉන්න සහහෝදර ආගම්වල නායකයන් එය ඉතාම නිහතමානීව පිළිගන්නවා. නව ලිබරල්වාදී මංගල සමරවීර අමාත්‍යවරයා ඇතුලු අතලොස්සක් පමණයි ඒ තිත්ත ඇත්ත පිළිගන්න  අකමැති වෙලා තියෙන්නේ. මේ රට බෞද්ධ රටක් නොවේ කියා ඇමති මංගල කියනවා නම් එයාව පන්සල් වලට වැද්ද ගන්න කිසිම භික්ෂුන් වහන්සේ නමකට බෑ.  ආමිස පූජාවන්ට යට වන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් හෙලි කරන්න කියලා අපි මංගල ඇමතිතුමාට අභියෝග කරනවා.

– අරවින්ද අතුකෝරල

33,433 Viewers

14 Comments to “මහනාහිමිවරුන් හා අගරදගුරුතුමන්ට දේශපාලන කෑදැත්තන් කියා ඇමති චම්පික අපහාස කරලා..”

  1. විස්කි මැඩම් says:

    සිංහල බෞද්ධ රටක අනික් ආගම් වලටත් පවතින්න පුළුවන්.
    නමුත් මුස්ලිම් බහුතර රටක අනික් ආගම් අදහුවොත් බෙලි කපා ගන්න තමා වෙන්නේ.
    ආසියාවේ බෞද්ධයින්ට සහ මැදපෙරදිග ක්‍රිස්තියානි/කතෝලික ආගම් අදහපු අයට වුන දේ ගැන සොයා බලන්න.

  2. john the baptice says:

    පාටලී යනු එදා මෙදා තුර ලක් ඉතිහාසයේ බිහිවූ පහත්ම පෙළේ හිවලෙක් ලෙස හැදින්වූවාට එහි කිසිදු වරදක් නැත්තේය

  3. එක්නැලිගොඩ says:

    ඒගොල්ලො කෑදැත්තනම් චම්පිකය මොකාද? හොර සමණලයා

  4. පොරමෝලා says:

    89 කලබල සමයේ පල්ලියේ හැංගිලා ජීවිතය බේර ගත්ත මිනිහා කැත වැඩ එපා ඕයි

  5. නැවුම් මාවත says:

    දැන් මේ කියන්න හදන්නේ පාඨලී චම්පික කියන දේශප්‍රේමී උගත් බුද්දිමත් විද්වතා දේශද්‍රෝහී ඇමරිකානු CIA එජනතයෙක් කියල නේද ?හැරෙනකොට අපි කියන්නම් මේ ලිපියේ අරමුණ .පාඨලී චම්පික CIA කෑදැත්තෙක් කියල කියන්න තමයි මේ හදන්නේ .මිට කලිනුත් ජවිපෙ කාලේ චම්පික CIA ඒජන්තයෙක් කියා ඉරිසියා කාරයෝ කිව්වා ඔහු ඇමරිකානු පාස්ටර් වරයෙක් කියලත් කිව්වා .ඒවා ඔප්පු කලේ නෑ කවුරුවත් චම්පිකට ඇමරිකාවෙන් මොනවා ලබන්නද ?චම්පිකට රකින්න දෙයක් නෑ හම්බු කරන්න දෙයක් නෑ.රට පාවල දෙන එක ඔහුගේ න්‍යායපත්‍රයේ නෑ ඔහුට අවශ්‍ය ඇමරිකාවේ සහයෝගයෙන් රට දියුණු කරන්න .එකට ඔහු CIA කාරයෙක් වෙන්න ඔනාද ?මහින්ද ඇමරිකාවෙන් ආදාර ලැබුනොත් ගන්නේ නැද්ද ?දක්ෂයාට අපහස කිරීම ශ්‍රීලාංකික ගතිය

    • සමන්කුමාර says:

      නැව්ම් මාවත කියල ලියන්නේ හෙල කරුමේ කුලී ලියන්නෙක් නේ. මුට පඩියට ලිව්වට තේරෙන් නේ නෑ මොනවද මේ කියන්නේ කියලවත්. මෙතන කියන්නේ චම්පුකයා කාදිනල් තුමාට වහෙන් ඔරෝ ගහන ගැහිල්ලක් ගැන. මේ චම්පිකයාගේ මැල්කම් හිමිපානන් එක්ක තරහව පටන් ගත්තේ මෙහෙමයි. ජනතාව ගොනාට අන්දවන්න ජම්පුක ආයේ ජාතික මග කියලා එකක් පටන් ගත්තා. ඒ කේ ආරම්බක සමුලුවට කාදිනල් තුමාට ආරාධනා කලා. එතුමා ගියේ නෑ. එතුමා නොගිය එකට චම්පිකට හොදටම මල පැන්නා. දැන් හතර අතේ ගහනවා. කෙලින්ම නෙමෙයි වක්‍රව. අන්නඒ ගැනයි මේ කතාව

      • සිදත් රණවීර says:

        ඇත්ත පචයා ඉටුකරන්නේ මංගලගේ කොන්ත්‍රාත් .හෙළ කරුමේ පචයගේ මගපෙන්වීම යටතේ රට පුරා බැනර් දැම්මා අන්තවාදී ම්ලේච්ච බෝම්බයෙන් විපතට පත්වුනන් ගැන කනගාටුව පල කරලා ඒ බැනර් එකේ දමල තිබුනේ කාදිනල්තුමා කම්මුලට අත තබාගෙන ඉන්න පින්තුරයක් .ඒ පින්තුරයෙන් එතුමාව විහිළුවක් කරන්න හදන බව පේනවා .පචයා කොහොමත් බොරු පින්තුර හදන්න පවා දක්ෂයා කියල ලෙසට්ර් ජේම්ස් පිරිස් මැතිතුමාගේ පින්තුරේට කරපු දෙයින් පේනවා .නමුත් මේ පින්තුරෙන් මිනිහා කරපු අපහාසය බොහෝ අය දැක්කේ නෑ මේවා ඔක්කොම සැලසුම් සහගත වැඩ .පචයා නොදැන ඔයවගේ දේවල් වෙන්නේ නෑ.

    • දයා says:

      ඔය නැවුම් මාවත තියෙන්නේ හෝමාගම පැත්තෙද කොලුවෝ. ඒ මාවත දිගේ අපේ සනිල් විකුණුම් සිහ මැතිදුන් සමග හොද ලී පාට කරන්නේ නැත මැතිදුන් ඇවිද එනකොට කාටද ආඩම්බර.

    • Ex helaya says:

      Here Newm Mawatha….

      We know who is champika…. He will sell even his wife for power and for other woman… shameless somn of bitch.

      Are you paid fellow from champikas pay list ????

      He is sexual maniac and revengeful man…..He will never come to power how ever much you try to promote him

      He is like expired fish bag now.. Cannot re launch…..

  6. sathya says:

    මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා බොරු බියක් මවන්නේ නෑ.

    Gammanpila was against Catholics. Now, what is the sudden change?
    It’s Politics…………. That’s why.

    • හෙලයා says:

      දන්න ඉටි ගෙඩිය. චම්පිකගේ ජාතික හෙළ ්උරුමය බෞද්ධයින්ට පමණයි. උදයගේ පිවිතුරු හෙළ උරුමයේ කතෝලික නගර සභා මන්තිවරුත් ඉන්නවා.

  7. දයා says:

    හෝ චම්පික රණවක ශ්‍රී මතානන් ගැන නම් කියන්න ඕන නෑ. රටම දන්නව. දොන් ජුවන් ගාව වැතිරී සිටින ආකාරය

  8. වජිර says:

    මංගල බෞද්ධයන්ට අපහාස කරණවා. චම්පික කතෝලික නායකයන්ට අපහාස කරන්වා. මුං දෙන්න බෙදාගෙන වැඩේ කරණ්නේ.

  9. johnfd says:

    PANAMA HORA

    LINGIKA LEDA

    HORA

    GOO KATHA KARAYA

    WEDA BERI TASAN

Main News