මහනුවරට ඉන්ටනෙට් අවහිර කල බව ඩයලොග් කියයි.. – මන්දගාමී කල බව TRC කියයි..

March 7, 2018 at 2:10 pm | lanka C news
මහනුවරට ඉන්ටනෙට් අවහිර කල බව ඩයලොග් කියයි.. – මන්දගාමී කල බව TRC කියයි..

ඇති වී තිබෙන කලබලකාරී තත්වය නිසා මහනුවර දිස්ත‍්‍රික්කයේ බොහෝ ප‍්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස මන්දගාමී හෝ බිද වැටී ඇති බව වාර්තා වෙයි.

ඩයලොග් සමාගමෙන් මේ ගැන ට්විටර් ඔස්සේ පාරිභෝගිකයෙකු කල විමසීමේදී ඔවුන් සදහන් කර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් උපදෙස් දී ඇති පරිදි නැවත දන්වන තුරු මහනුවර දිස්ත්‍රික්කයේ අන්තර්ජාල සබදතා (3G/4G) අවහිර කර ඇති බවයි.

සමාජජාල හා වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන් හදුනා ගැනීම සදහා මහනුවර ප්‍රදේශයේදී අන්තර්ජාල වේගය සීමා කර ඇති බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවද කියා සිටී.

සමාජජාලා හා වෙබ් අඩවි වෙත එක්කරන පින්තූර හා තොරතුරු යම් නිරීක්‍ෂණයකට ලක් කරන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශය විසින් කර ඇති දැනුම් දීම මත අන්තර්ජාලය යම් මන්දගාමී තත්වයකට පත්ව ඇති බවද කොමිසම කියයි.

මෙම තත්ත්වය ඉදිරි පැය කිහිපයේදී පහව යනු ඇති බවද වැඩි දුරටත් කීය.

77 views

13 Comments to “මහනුවරට ඉන්ටනෙට් අවහිර කල බව ඩයලොග් කියයි.. – මන්දගාමී කල බව TRC කියයි..”

  1. David Milli-banda says:

    Chanda prathipala yata weyi.

    Election results get supressed.

  2. Dr Saman says:

    මෙය හුදෙක් අර්ථ විරහිත ක්‍රියාවක් . අන්තර්ජාලයේ ඇති නොමිලේ පාවිච්චි කළ හැකි VPN සොව්ෆ්ට් වෙයාර් හරහා තවමත් කිසිදු බාදාවකින් තොරව FB ඇතුළු අනෙකුත් සමාජ ජාල බාවිත කළ හැකි වෙනවා .

Main News