මහනුවරට කඩ ගිනි තබා මිනී මරන්න කුමන්ත‍්‍රණ කල කාඩ්බෝඩ් බෞද්දයා ගැන ඇමති සජිත් හෙලි කරයි..

March 13, 2018 at 1:20 pm | lanka C news
මහනුවරට කඩ ගිනි තබා මිනී මරන්න කුමන්ත‍්‍රණ කල කාඩ්බෝඩ් බෞද්දයා ගැන ඇමති සජිත් හෙලි කරයි..

තම පියා සිංහල බෞද්ධයෙකු ලෙස සෑබෑ සේවාවක් කළ නමුත් ඔහුට අපවාද කිරීම වෙනුවෙන් පුෂ්පකුමාර යනුවෙන් නමක්ද නිර්මාණය කළ බව අමාත්‍ය සජිත්  ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට පැවති  උත්සවයකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

ඓතිහාසික රාජ්‍ය නායකයෙකු ලෙසත් සැබෑ සිංහල බෞද්ධයෙකු ලෙසත් බුදුදහම වෙනුවෙන් මගේ පියා සැබෑ සේවාවක් ඉටු කළා. නමුත් ඔහුට කොපමණ ගල් ගැසුවාද කිවහොත් ඔහු පන්සලකට ගොස් මල් වට්ටියක් පූජා කරන විට ‘පුෂ්පකුමාර’ යනුවෙන් නමක්ද නිර්මාණය කළා. රණසිංහ ප්‍රේමදාස පන්සල්වලට උදව් කරනවා වැඩියි කීවා. එසේ එදා පැවසූ අය අද රට අනතුරේ යැයි කියා ප්‍රකාශ කරනවා.

බෞද්ධයෝ යැයි කියා ගත් ඇතැම් පිරිසක් මේ රටේ සිටිනවා. මා ඒ පිරිස දකින්නේ කාඩ්බෝඩ් බෞද්ධයන් ලෙසයි. ඔවුන් මාධ්‍ය ඉදිරියේ සැබෑ බෞද්ධයෝයි. සෑම දෙනාම සමගි වන්න, එකමුතු වන්න යැයි මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරනවා. ඔවුන් අනිත් පැත්තට සිදු කරන්නේ රට වනසන කුමන්ත්‍රණයි.

තමන් සැබෑ බෞද්ධයන් යැයි සිතනවා නම් රට වටේ ගොස් පන්සල්වල චෛත්‍ය ඉදිකරන්න, දහම් පාසල් ගොඩනැගිලි නිර්මාණය කරන්න කියා මා ඔවුන්ට කියනවා. පසුගිය කාලයේදී වයඹ පළාතේ පන්සල් 600 වැසී ගියා. ඒ පන්සල්වල භික්ෂූන් වහන්සේලාට ආධාර උපකාර කරන්නට කිසිවකු සිටියේ නැහැ. මගේ පියාණන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ආරම්භ කළා. නමුත් ඔහුගෙන් පසුව පන්සල් සඳහා උදව් උපකාර නොලැබුණ නිසා වයඹ පළාතේ පන්සල් 600ක් වැසී ගියා. මේ වැසි ගිය පන්සල් ගොඩගන්නට, දියුණු කරන්නට, ආරක්ෂා කරන්නට බෞද්ධයන් යැයි කියා ගන්නා පිරිස කටයුතු කළේ නැහැ.

මහනුවරට ගිහින් කඩ ගිනි තබා, මිනී මැරුම් සිදු කළා කියා කිසිවිටක බෞද්ධ ආගමට ශක්තියක් වන්නේ නැහැ.

මේ රටේ බහුතර ජනතාව ලොව්තුරා අප බුදු රජාණන් වහන්සේගේ දහම පිරිසිදුව අනුගමනය කරනවා. උන්වහන්සේ දේශනා කර සිටියේ සියලු සත්ත්වයෝ ආරක්ෂා කර ගන්නට කියායි. බෞද්ධ ආගම ඉතිරි වී අනෙක් ආගම් විනාශ වන්නට කියා උන් වහන්සේ කිසිවිටෙක දේශනා කර නැහැ

– ada.lk

74 views

18 Comments to “මහනුවරට කඩ ගිනි තබා මිනී මරන්න කුමන්ත‍්‍රණ කල කාඩ්බෝඩ් බෞද්දයා ගැන ඇමති සජිත් හෙලි කරයි..”

  1. sky says:

    ඔබේ කෙරුවාව අපි දන්නවා …..උස නම් security මිටි නම් labour (කම්කරු ..)

  2. අන්දුන් කුන්දුන් says:

    දන්නේ නැති හින්දයි අහන්නේ! ජනාධිපති මන්දිරයේ තිබු ම්ල්කිරිගල විහාරයේ චිත්‍රය හොරකම් කල කව්දැයි කියාපන්කො.

  3. ඉනොලා කරුණානායක says:

    උනුස් කාටුන් සිල්පියා මල්වට්ටියක් අතින් අරන් පිස්ටල් එකක් යටින් තියන ඉන්නවා කාටුන් ඇන්දේ ඇයි

  4. අලුත් සාදු kenek says:

    යාලේ පුෂ්ප කුමාර සාදු.

  5. Upali says:

    සජිත් මැති තුමා, ඔබතුමගේ තාත්තා සමග වැඩ කල මම මම මගේ බොහෝ ඇසුරන්ගේ විරෝදයට ලක් වෙමින් ඔබගේ තාත්තාගේ හොඳ වැඩ පමනක් සදහන් කර එතුමාව අගය කලෙමි. මට ඔබගෙන් ඇසිය යුතු එක ප්‍රශ්නයක් ඇත. රනිල් නම් ආරාජිකයා අතින් ආරාජික උනු ඔබලාගේ එජාපය, ඔබ බාර ගැනීමට කැමති නම් මම ඔබට සහයෝගය දෙන්නම් එක කොන්දේසියක් මත. ඔබ බලයට ආපසු කරන්නට තිබෙන ඔබගේ රට සන්වර්දන සැලෙස්ම හෙලි කරන්න.

  6. Meyage hithe api marila ipadila kiyala. Oyagei thaththagei dennagema bauddha kama lankave apinam hondata dannava. Mevata apita nam pukenuth hina…HA..HA
    ..HA…HU…HU…HUU

  7. podivije says:

    තාත්තා කරපු හෝ‍දවැඩත් තියෙනවා ඒ ත් අනිත් වැඩත් තියෙන නිසා ගුනවයන්න අමාරැයි අර වන්නියට චොපර් වලින් ඇද්ද ආයුධ ටික ‍ ඒක නොකර හිටියානමි තමයි හොද

Main News