මහනුවරට යලිත් ඇදිරි නීතිය පැනවේ.. නැවත දන්වනතුරු ක‍්‍රියාත්මකයි..

March 7, 2018 at 11:20 am | lanka C news
මහනුවරට යලිත් ඇදිරි නීතිය පැනවේ.. නැවත දන්වනතුරු ක‍්‍රියාත්මකයි..

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුල වහාම ක‍්‍රියාත්මක වන පරිදි පොලිස් ඇදිරි නීතිය යලි පනවා තිබේ.

නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය.

දිස්ත‍්‍රික්ය පුරා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, හමුදාව යොදා ආරක්‍ෂාව තර කර ඇත.

ඊයේ රාත‍්‍රියේ පනවන ලද ඇදිරි නීතිය අද පෙරවරු 06.00ට ඉවත් කරන ලදී.

රට පුරා දින 10ක කාලයක් සදහා හදිසි නීති තත්වයක්ද ප‍්‍රකාශයට පත් කර ඇත.

65 views

3 Comments to “මහනුවරට යලිත් ඇදිරි නීතිය පැනවේ.. නැවත දන්වනතුරු ක‍්‍රියාත්මකයි..”

  1. MAJ says:

    ආණ්ඩුව නියමෙට වැඩේ කරනවා – රටේ තියෙන ප්‍රශ්න යට ගහලා මිනිස්සු බය කරන්නයි හදන්නේ – පේස් බුක් එක දැනටමත් පාලනය කරලා – ඉන්ටර්නේට් එකේ වේගය අඩු කරලා – රාජ්‍ය ත්‍රස්තවාදයක් ඇති කිරිමට උත්සාහ කරන්නෙ දැයි සැක මතුවේ

  2. Rajasinha says:

    Well done. Social media should be abolished.

Main News