මහනුවර අධිවේගය තව කිලෝමීටර් 02යි හදන්න ඇත්තේ.. ඉතිරි ටික අපි හදලා තිබුනේ.. එය හදා ඉක්මනට විවෘත කරන්න..

January 28, 2020 at 6:48 pm | lanka C news
මහනුවර අධිවේගය තව කිලෝමීටර් 02යි හදන්න ඇත්තේ.. ඉතිරි ටික අපි හදලා තිබුනේ.. එය හදා ඉක්මනට විවෘත කරන්න..

පැවති යහපාලන රජය සමයේ කොළඹ නුවර අධිවේගී කිලෝමීටර් 38ක් සාදා අවසන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

එම මාර්ගයේ තවත් ඉතිරිව ඇත්තේ කිලෝමීටර් 02 ක ප්‍රමාණයක් පමණක් යැයිද ඔහු පවසයි.

එම කිලෝමීටර් දෙකක ප්‍රමාණය ඉක්මනින් වැඩ අවසන් කර ජනතාවට නුවර කොළඹ අධිවේගී මාර්ගය භාවිතයට ලබා දිය යුතු බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

28,418 Viewers

18 Comments to “මහනුවර අධිවේගය තව කිලෝමීටර් 02යි හදන්න ඇත්තේ.. ඉතිරි ටික අපි හදලා තිබුනේ.. එය හදා ඉක්මනට විවෘත කරන්න..”

  1. Sura says:

    රෙද්ද තමයි.
    මූ හිතන් ඉන්නේ, ඕන ගොනෙකුට ක්ෂණිකව අධිවේගී මාර්ග හදන්න පුලුවන් කියල.

    • ආචිචිගේ රෙද්ද පල්ලෙ තියෙන්නේ තෝ හදපුවා තමයි.හොර පාදඩ අසික්කිත වලත්තයා තොගේ කටට හෙනම ගහපං

    • Dp says:

      විවුර්ත කරන්න වෙන්නේ මුගේ සේප්පුව තමයි .ඔක්කොම සල්ලි ගසා කාලා.

    • අනේ ඔව් බොල, තොපි හැදුවා නේන්නං .
      අර ගම්පහ, මීරිගම දිහා යනකොට පේනව අපූරුවට පස් ගොඩවල් ගොඩගහල.
      පස් පුරවන්න තව ඇත්තේ 2km විතරයි මයෙ හිතේ.

      ඕනි ගොනෙකුට චංදෙ ඉල්ලන්නත් පුලුවං.

      වරෙන්කො මේ පාරත්.

  2. GRMAYA says:

    Gono colamba sita nuwarata thiyenne 40 km , da

  3. Rate ekek says:

    එතකොට හයිවේ ඵක හැදුවම දුර අඩු වෙනවද බං. 38 ක් හැදුවලු තව 2 ලු තියෙන්නෙ. එතකොට මූ කියන විදිහට කොලඹ ඉදං නුවරට තියෙන්නෙ කිලෝමීටර 40.

  4. Alapaluwa says:

    ඔවු ඔවු අපි දැක්කා උබලා ඇදලා විවුර්ථ කරපු හැටි presidential Election එකට ප්‍රථම අනේ බුරුවො ඔය විදියට අර අපේ ඉන්න ගමේ චුටිම චුටි කොල්ලෝ ටික හදයි මැටිවලින් පාරවල් ඔයාට වඩා හොඳ ලස්සණට සහා ශක්තියට.උබලා කළේ මුදල් කාපු එක විතරයි එක අමුතුවෙන් කවුරුත් කියන්න අවශ්‍ය නැ අපි කවුරුත් දන්නවා ඒගැන. ඒකනිසා කටවහාගෙන දෙනදෙයක් ගෙදරින් කළා හිටපන් අපි හරිවිදියට හදා ඉවරවනතෙක්!

  5. Bindu says:

    Only 40 km from Colombo to Kandy?

  6. ඉරාන් says:

    සමාන්තර විශ්වයක වෙන්න ඇති මේ කියන්නෙ..අදි වේගෙ හදනකොට නගර අතර දුරත් 120ඉඳල 40 ට අඩු වෙලා..
    සැ.යු. ඕන පිං ගොනෙක්ට ගොං කතා කිව හැක..

  7. Kakiyana Lea says:

    Anee meeka lawyer eneklu needa. Colombo idala Kandy walata 40Km da tiyenne. Oyawagee kathanam oone gonekutawath kiyanna behe.Mee wagee gonekuta vitharai puluwan.

  8. SL says:

    මේ පිං ගොනා නුවරට කරපු දෙයක් නැහැ. මුලින් තිබුණු මධ්‍යම අධිවේග මාර්ගය , වයඹ අධිවේග මාර්ගය කරලා තමයි නතාර උනේ. කුරුණෑගල ඉඳල කටුගස්තොට පාර හදන්න තියා තවම ඉඩම් අයිති කරගෙනවත් නැහැ .2015 වේ රට අරගෙන තිබුණු සියලුම සංවර්ධන සැලසුම් අවුරුදු 6-7 කින් පස්සට දැම්ම එකනම් කළා ..ආ තව RDA එකට මුගේ හෙන්චයියල ඔබල පනස්දහ ගානේ පිං පඩි දීල තිබුන

  9. ගමරාළ says:

    කොළඹ – නුවර අධිවේගී මාර්ගය නිසා මගෙ පවුල නන් අධිවේගයෙන් සංවර්ධනය වුනා, උබලාට අපෙ සංවර්ධන වෙගය ඉවසගන්න බැරැව අපිව ගෙදර යැව්වා, නැත්නම් මෙ රට දැන් දිවය ව්මානයක් කරලා අපෙ පොනිල්.

  10. රටවැසි says:

    ඔච්චර කෙප්ප කෙලින්න කම්මැලි නැද්ද මංදා .

  11. MD says:

    Mahinda Mahathaya kiyanne 2km ona gonekuta kiyala hada ganna kiyalai.Ane manda ehema kiyanakota samahara ayata uddeta kiyapu Parana gon talk matak wela lajjath hitenawa ati.

  12. හිටන්ගෙදර අප්පුහාමි says:

    මං තීරු 3, දෙක කරල, එකෙනුත් එකට එකක් හොරකම් කරල, දැන් කියනවා පාර විවෘත කරන්නලු. ගරු ජනාධිපතිතුමනි, අපි ඔබ තුමාව පත්කර ගත්තේ රට ගොඩගන්න විතරක්ම නෙවෙයි. මේ හොරුන්ට දැඩි දඩුවම් කරල, අලාභ අයකරගන්න ඕන. මේවා ජනතාවගේ සල්ලි. නැතිනම් මහින්ද වටේ ඉන්න එවුන් නැවතත් හොරකම් කරාවි. ඔබතුමා වටේටත් හොරු පිරේවි.

  13. Sira says:

    උබලගේ අර මහා ලොකු උපාසක කථානායකයා උගේ ඉඩම් ටික බේරන්න පාර වෙනස් කළා…ට්‍රැක් 6 තිබුන එක 4 කළා…තමන්ගේ නම ඉක්මනට ගහගන්න කුරුණෑගල මීරිගම කොටස විතරක් ඕපන් කරන්න හැදුව එකත් බැරි උනා…කඩවත මීරිගම කොටස ඔහේ අතගානවා සල්ලි ණෑ ….කටුගස්තොට කුරුණෑගල ටික හදන්න හිතලවත් ණෑ ..උබලගේ මගුල් යහපාලනෙන් කිරිල්ලවල ඉදන් නිට්ටබුවට ට්‍රැක් 4 හරියට හදන්න බැරි උනා… .මුගේ දුව හොදට හම්බකරා මුගේ නම විකුණලා කොන්ත්‍රාත් වලින්…

Main News