මහනුවර ගැටුම මහා මංකොල්ල කෑමක්.. ජාතිවාදය නොවේ..

March 10, 2018 at 12:02 am | lanka C news
මහනුවර ගැටුම මහා මංකොල්ල කෑමක්.. ජාතිවාදය නොවේ..

සිංහල ජනතාව සමග සමගියෙන් සහ සාමයෙන් දිවි ගෙවූ තමන්ට මෙලෙස පහරදීම පිළිබඳ බරපතල කනගාටුවක් දැනෙන බව මුස්ලිම් විරෝධී ප්‍රහාරවලට ලක් වූ මහනුවර ප්‍රදේශවාසීහු පැවසූහ.

ප්‍රහාරකයන් බොහෝ දෙනා ජාතිවාදීන් නොව “මංකොල්ලකරුවන්” බවත් ගිණි තබා විනාශ කරන ලද නිවෙසක වෙසෙන තරුණයෙකු වන මොහමඩ් ෆෛසූල් පැවසීය.

උපන් දා සිට සිංහල ජනතාව සමග සාමයෙන් සමගියෙන් ජීවත් වූ තමන්ට මෙලෙස සැලකුවේ මන්දැයි කනගාටුවෙන් යුතුව ඔහු ප්‍රශ්න කළේය.

“මේ මිනිස්සුන්ගෙන් බලන්න අපි ජාතිවාදයට ගියාද කියල? මංකොල්ලත් කාල තියෙනව මේ. නංගි ලඟදි බැන්දේ. නංගිගේ, අම්මගේ රත්තරන් බදු ඔක්කොම මංකොල්ල කාල,” මොහමඩ් ෆෛසූල් වේදනාවෙන් යුතුව සඳහන් කළේය.

“මේ මිනිස්සු ජාතිවාදයක් නෙවෙයි මංකොල්ල කන අදහසින් ආවේ. මේක අපෙන් වෙච්ච වැරැද්දක් නෙවෙයිනේ? මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඉවරයිනේ?”

සිය ව්‍යාපාරික ස්ථානය අහිමි වූ තරුණයෙකු වන එස් මොහමඩ්, තමන්ට රුපියල් ලක්ෂ හතලිහක පමණ පාඩුවක් සිදු වූ බව පැවසීය.

“අපෙන් වෙච්ච වැරැද්දක් නෙවෙයිනේ මේක,” ඔහු පැවසුවේ සිය ව්‍යාපාරයට සිදු වූ විනාශය පෙන්වා දෙමිනි.

මෙම ප්‍රහාරවලට මුල් වූයේ පහරකෑමට ලක් වූ පූජාපිටියේ විසූ සිංහල ජාතික රියදුරා රෝහලේදී මියයාමය.

ඔහු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙක් අත්අඩංගුවේ පසුවෙති.

ඒ හැරුණු විට මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසෝන් බලකායේ නායක අමිත් වීරසිංහ ඇතුළු 81 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

– BBC

26 views

7 Comments to “මහනුවර ගැටුම මහා මංකොල්ල කෑමක්.. ජාතිවාදය නොවේ..”

  1. indunil says:

    83 KALU JULIYAE ITHIRI KOTASA

    • Amda says:

      ජාති ආගම් ධනය බලය නොබලා, දේශපාලන බලපෑම් වලට යට නොවී, සෑම පුරවැසියෙකුටම සමානව සලකන නීතියක් ඇති කරපු දාට මේ සියලු දේ නවතීවි.

      එතෙක් මිනිසුන්ගේ සිතේ ඇතිවන වෛරය සහ එම අසහනයෙන් ප්‍රයෝජන ගන්නා අවස්ථාවාදී කූඨ ජඩ දේසපාලුවන් මෙවැනි අවස්ථා ඇති කරාවි.

  2. Nimal R says:

    Same happened in 1983 and we saw from our won eyes how thugs were looting but the Police were just waiting. A SEPARATE UNIT (PREFERABLY A JOINT ARMY/.POLICE) HAS TO BE SET UP TO WHICH ANYONE CAN CALL ANYTIME AND THEY TAKE IMMEDIATE ACTION.

  3. chris says:

    අම්මෝ ලංකාවේ අයට එහෙම අපහාස කෙරන්න එපා .ඒගොල්ලෝ මංකොල්ල කියන ඒවා අහලවත් නැහැ . පිටරටකනම් පිළිගන්න පුළුවන් . කමක් නැහැ සිරිසේනට කියන්න කොමිසමක් දාන්න කියල.

  4. Nandasoma says:

    සිංහල මිනිස්සුන්ව කලබල කරන්න උත්සාහ කළා කියල අත් අඩංගුවට අරගෙන රිමාන්ඩ් කරනව.
    මුස්ලිම් ජාතිකයො බෝම්බත් එක්ක අහුවෙලා ඇප පිට නිදහස් කරනව…

    මේව නිසා තමයි ජාතිවාදය වැඩි වෙන්නෙ…..

  5. හරිද බන් මන්කියන්නේ says:

    අහල තියනවද හරක් හම ඇදුනා කියලා . හම ඇදුනම එක වංචාවක් වත් හොරකමක්වත් නෙමෙයි හැබැයි ඉබේම ප්‍රතිලාබය වැඩි වෙනවා .

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අපට ඇයි එහෙම වෙන්න කියලා දුන් නේ නැත්තේ . ඒ නිසාද සමහර තැන්වල අපි අසරණ වෙන්නේ .

Main News