මහනුවර ගොඩනැගිල්ල ගිලාබැසීම පෙර සිදු වූ භූකම්පන බලපෑමෙන්..

September 21, 2020 at 10:00 am | lanka C news
මහනුවර ගොඩනැගිල්ල ගිලාබැසීම පෙර සිදු වූ භූකම්පන බලපෑමෙන්..

ඊයේ දිනයේ මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසීමට මීට පෙර එම ප්‍රදේශයේ සිදු වූ භූ කම්පන ද බලපාන්නට ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.

ගිලා බැසීම සිදු වූ ස්ථානයේ පස් කට්ටුව ගලාගෙන ගොස් ඇති බවද නිරීක්ෂණය වූ බව ඔහු සඳහන් කළේය.

මීට සති කිහිපයකට පෙර ප්‍රදේශයේ සිදු වූ භූ කම්පනය හා මේ දිනවල ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව නිසා එසේ සිදුවන්නට ඇතැයි ද ඔහු පැවසීය.

මෙම ඉදිකිරීම නිසි ලෙස භූ විද්‍යා පරීක්ෂණයක් සිදු නොකර වසර දහයකට පමණ පෙර සිදුකරන ලද ඉදිකිරීමක් වන්නට ඇති බව ද ඔහු පැවසීය.

වසර දහයකට පහළොවකට පෙර ගොඩනැගිලි ඉදිකිරීමේදී භූ විද්‍යා ගවේශන සිදු කිරීමක් වර්තමාන යෙදීමෙන් අනිවාර්ය කර නොතිබූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

එම ගොඩනැගිල්ල ගිලා බැසීම නිසා එකම පවුලේ මව පියා මහ කුඩා දරුවෙකු මිය ගියේය.

මේ වන විට එම ප‍්‍රදේශයේ පදිංචි පවුල් කිහිපයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

43,020 views

3 Comments to “මහනුවර ගොඩනැගිල්ල ගිලාබැසීම පෙර සිදු වූ භූකම්පන බලපෑමෙන්..”

  1. kamal says:

    අධ්‍යාපන ක්‍රමය වැරදියි එය සුද්දගෙ මිසදුටුවයි
    ලොජික් කියා නිතියෙ දෙවගන වනසයි
    ලෝකයේ පවතින්නෙ එක ධර්මතාවයයි
    එය පටිච්ච සමුප්පාදයයි

    තර්ක කිරිම වෙන දෙයකි
    මෝඩයන්ට ගැලපෙන දෙයකි
    සාකච්චා කිරිම තව දෙයකි
    එයින් ප්‍රඥාව උපදින දෙයකි

    බුදු හාමුදුරුවො ගුරු කොට තබාගන්න
    නිතිය බුදු හාමුදුරුවො දන්න බව සිතන්න
    ප්‍රඥාව අවධි කරගන්න
    මුල් නඩු නොලබලා විසදුම දෙන්න

    නිති විද්‍යාලයේ පාඨමාලාව වෙනස් කරන්න
    සුද්දො නෙවෙයි අපියි නිතිය දන්නෙ ඒබව සිතන්න
    ලැජ්ජා බය නැද්ද උඹලට උඹලා ගැන
    කලුකොට් නැතුව ජාතික ඇදුම ඇදගන්න

    නිතියට වඩා මට ලොකුයි මගෙ ජාතිය
    ඒ ගැන සිතා මම ලියනවා නිතිය
    මම හදන්නෙ ධර්මතා කියන නිකිය
    නිතිපතිට වඩා මම දන්නවා ජාතිය

    ධර්මපාලතුමා කරපු කාර්යය
    මම වෙමි අජාසත්ත මම කරමි උපකාර්යය
    මට දෙන්න අවුරුදු දෙකක් කාලය
    සිංහලෙන් නුඹලා වෙත පිරිනමමි ත්‍යාගය

  2. සිවාජිලිංගම් says:

    නිමල් ලෙව්කේ අත් අඩංගුවට නොගන්නේ ඇයි?

  3. Lol says:

    House owner is connected and now these people are trying to blame everything other than the substandard building, engineering, council approval of this.

Main News