මහනුවර පාසැල් තවත් සතියක් වසයි..
December 4, 2020 at 6:48 pm | lanka C news
මධ්‍යම වැසු පාසල් තවත් සතියක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා තීරණය කර ඇත. මධ්‍යම පළාත තුල කොවිඩ් වසංගත තත්වය ව්‍යාප්තිය සදහා වැට බැදීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පැවති විශේෂ රැස්වීමකින් අනුතුරුව ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී (4) පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරියේදී අකුරණ, මඩවල වැනි ප්‍රදේශවලට ප්‍රමුඛතාවය ලබාදෙමින් ඉදිරියේදී මහනුවර නගරය තුල සහ මධ්‍යම පළාත තුල සිදුකරන ලබන පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ඉහල දැමීම සහ සෞඛ්‍ය අංශ සදහා ප්‍රවාහන ඇතුලු අනෙකුත් ඉහල නැංවීම සදහා තීරණය කරනු ලැබුවේය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පළාත් ආණඩුකාරවරයා සදහන් කර සිටියේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල උපදෙස් හා නිර්දේශ මත පදනම්ව මෙම තීරණ වලට එළැඹි බවත්, කොවිඩ් 19 තත්වය මත පදනම්ව ඉදිරි සතියෙන් පසුවද අවශ්‍යතාවයක් මතුවුවහොත් පාසල් වසා දැමීම සදහා කටයුතු කරනු ලබන බවයි.
බෝගම්බර ග්‍රාමයේ ජීවත්වන බොහෝ පිරිසක් බෝගම්බර බස් නැවතුම් පොලේ සේවයේ නිරත අයවළුන් වන බැවින් එහි අවධානම් තත්වය හේතුවෙන් එම ග්‍රාමය හුදෙකලා කර ඇති බවත්, අවධානම පහව ගිය පසු නැවත එම ග්‍රාමය විවෘත කිරීම සදහා කටයුතු කරන බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සිය අදහස් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේය.
– රුක්මාල් දුෂාන්ත
උදේට ඉස්කෝලෙ ගේට්ටුව ලගින් පකනිල් පෙත්ත ගානේ දුන්න නම් වැඩේ ඉවරයිනේ.
කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.
මෙචර ආණ්ඩුවේ ගුරුවරු දහස් ගානක් ඉන්න රටේ තවම අධ්‍යාපන අමාත්‍යංශයට හිතාගන්න බැහැ ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවී කරන්න ඕනේ විධිහ..ඔය පාසල් පෙළපොත් සියල්ල පැහැදිලි කිරීම් සහිතව වීඩියෝ එකතුවක් ලෙස නිකුත් කරානම්..කොරනා නෙමෙයි මොන වසංගතේ ආවත් අධ්‍යාපනය නොකඩවා ගෙනියන්න පුළුවන්.
ඒක ඇත්ත එහෙම වීඩියෝ එකතුවක් තියෙනවනම් …zoom මීටින් තියන්න පුළුවන් ප්‍රශ්න නොතේරන ඒවා විතරක් සාකච්චා කරන්න.
ගුරු හිඟයටත් හොඳ විසදුමක්.