මහනුවර වාහන තදබදය සොයන්න ආණ්ඩුකාරයා පාන්දරම පාරට බහී..

January 23, 2019 at 5:30 pm | lanka C news
මහනුවර වාහන තදබදය සොයන්න ආණ්ඩුකාරයා පාන්දරම පාරට බහී..

මධ්‍යම පලාත් නව ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා (22) උදෑසන මහනුවර නගරයේ පවතින මාර්ග තද බදය පිලිබදව සොයා බැලීම සදහා විශේෂ මාර්ග සංචාරයක නිරත විය.

ආණ්ඩුකාරවරයා එහිදි උදෑසන 5.45 ට පමණ ගැටබේ හන්දියේ සිට පා ගමනින් මහනුවර නගරයට ගමන් කළ අතර විශේෂ විමර්ශනයට යොමුවිය යුතු තැන් රැසක් හදුනාගෙන තිබේ.

මීට අමතරව බස් රථ හා වෙනත් වාහන නගරයට ඇතුල් වන ආකාරයේ වැරදි රැසක් හදුනාගෙන ඇති අතර ඊට ඒ මොහොතේම කඩිනමින් ක්‍රියා මාර්ග ගැනීමට අදාල නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබීය.

ආණ්ඩුකාරවරයා ඉන් පසුව ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොල වෙත පැමිණි අතර එහි පවතින අඩු පාඩු රැසක්ද සොයා බැලීමට කටයුතු කරන ලදි. මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාර වරයා කියා සිටියේ නිලධාරීන් ගේ වැරදි තීරණ හා වැඩ කල් දැමීම නිසා බොහෝමයක් ප්‍රශ්න මහනුවර නගරයේ ඇති වී ඇති බවයි

තව දුරටත් අදහස් දැක් වූ ගුණරත්න මහතා,

අද රටේ බොහෝ ප්‍රශ්න වලට මුල් වෙලා තියෙන්නෙ තීරණයක් ගැනීමට නිලධාරීන් දක්වන මැලිකම ඔවුන් බොහෝ විට කතා කරන්නෙ කඩිනමින් වැඩ කීරීමට නොවෙයි ඒවා බැහැ නැහැ කියා ප්‍රමාද කිරීමයි ඒ නිසා අපි සුදානම් තීරණයක් අරන් නිලධාරීන්ට වැඩ කරන්න නිදහස දෙන්න.

මම නිලධාරීන් අමාරුවෙ දාන්නෙ නෑ මම කියන්නෙ මහජනතාව වෙනුවෙන් හරි දේ කරන්න රටේ නීති තියෙන්නෙ ජනතාව වෙනුවෙන් ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ඒ නිසා අපි නීතිය ඒ වෙනුවෙන් පාවිච්චි කරමු යැයිද ආණ්ඩුකාර වරයා එහිදි සදහන් කළේය

– කිර්ති දුනුවිල

26 views

8 Comments to “මහනුවර වාහන තදබදය සොයන්න ආණ්ඩුකාරයා පාන්දරම පාරට බහී..”

  1. SL says:

    නුවරට ඇතුල්වෙන හා පිටවන මාර්ග තනි පැත්තකට පමණක් වාහන යන ආකාරයකට පෙරහුරුවක් කළා,එය අතිසාර්ථක උනා.නුවර ඉන්න වෙලොන්දෝ ටික සෙට් වෙලා ඒක නතර කරලා දැම්ම. එකට නගරාධිපතිත් වග කියන්න ඕනේ .

  2. show your colours This is a long felt need.Get the support of the mone minded and lazy politicians of the area and pl attend to these problems. No one has done any noteworthy work to kandy since 2000. Mahinda has totally neglected kandy . pl do something God bless you MR. Maitree our governer

  3. කෝකිලා says:

    අප්පට සිරි කජු මද කීවාලු මූ වැඩට බැහැලා, හැබැයි අයිති නැති වැඩක් ආන්දුකාරයෙකුට

    • kate says:

      Ehenam Umba Awith Karapan Booruwo.

    • Kings says:

      හොඳ වැඩක් කරනකොට කොහේ හරි ඉඳල ගොනෙකුත් පනින එක අපේ රටේ හැටි. ආණ්ඩුකාරයකුට අයිති නැතත් හර දෙ කරනවනං කොච්චර හොඳද? Well done Govener. This is a long term problem in Kandy areas. Go ahead and be example to the others.

  4. dilky says:

    Please open road through Dalada Maligawa. This is the main cause of traffic congestion in Kandy. Opening the stretch from Hotel Queens up to Kandy Nursing Home will not make any disrespect to Tooth Relic or will not cause any damage to Temple of Tooth Relic. Also these days the road around the lake is further being made narrow by widening the walk-way.

  5. මනිෂා says:

    මූ තද වැඩ කාරයෙක් කුරුඳු පොලු මතකනේ

  6. Gayantha says:

    හොද දෙයක්.ඇත්තටම හැම ප්‍රදාන නගරයකම විශාල වාහන තදබදයක් තියෙනවා. මේවට විසදුමක් දෙන්න පුලුවන් නන් මිනිස්සුගේ වටිනා කාලය ඉතුරු වෙනවා

Main News