මහනුවර ශික්ෂණ රෝහල් භූමියේ අනවසර පදිංචිකරුවන් කඩිනමින් ඉවතට…
January 1, 2018 at 2:10 am | lanka C news
මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණහා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විනි.
මහනුවර ශික්ෂණ රෝහල් භූමියට අයත් අක්කර 40 ක් පමණ වෙනත් පුද්ගලයින් විසින් අත්පත් කරගෙන තිබුනි. එම භූමි ප්‍රමාණයෙන් අක්කර 18 ක් මේ වනවිට යළි රෝහල් සංවර්ධන කටයුතු සදහා පවරා ගෙන ඇත. තවත් අක්කර 21 ක් රෝහලට පවරා ගැනීමට නියමිතව තිබේ.
එම භූමි ප්‍රමාණය ද රෝහලට පවරා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහල් අධ්යක්ෂවරයාට දැනුම් දෙන ලදි. ශ්‍රි ලංකාවේ දෙවන ජාතික රෝහල ලෙස මහනුවර ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබේ.
ඒ සදහා සියලුම වෛද්‍ය සේවා සැපයිය හැකි වාට්ටු සංකිර්ණ ඉදිකිරිමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. දැනට මහනුවර ශික්ෂණ රෝහලෙන් මසකට රෝගීන් 215,000 ක් පමණ ප්‍රතිකාර ලබාගන්නා බව මෙහිදී අනාවරණය විය.
තව ද මෙම රෝහලේ සේවා කටයුතු පුළුල්වීම සමග ඉදිරියේ දී අධ්‍යක්ෂවරයෙකු වෙනුවට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමට තම අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
මෙතෙක් ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල පුගතිය පිළිබදව ද මෙහිදි සාකච්ඡා කරන ලදි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කේ.ඩී.එල්.කේ ගුණවර්ධන මහතා, මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සමන් රත්නායක මහතා, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ද එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරි
Very good policy. Take all the land back. More space for parking is needed.
Gvt shall chase these land grabbers and chase gvt officers who gives water-electricity to all these robbers using fake documents.