මහපරිමාණ වැලි ජාවාරමක් වටලයි…

April 29, 2019 at 2:05 am | lanka C news
මහපරිමාණ වැලි ජාවාරමක් වටලයි…

කිලිනොච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් පිරමන්දනාරු පුන්නෙයි මීරාවි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ වැලි ටිපර් 3 ක් සහ ට්‍රැක්ටර් 3 ක් කිලිනොච්චිය දිසා දූෂණ මර්ධන අංශය හා කොට්ඨාශ දූෂණ මර්ධන අංශය විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

දිසා දූෂණ මර්ධන අංශයට හා කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් පුන්නෙයි මීරාවි ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ට්‍රැක්ටර් 3කින් හා ටිපර් රථ 3 කින් වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් දැක සැකකරුවන් ටිපර් රථ හා ට්‍රැක්ටර් දමා පලා ගොස් ඇත.

මේ අනුව අත්අඩංගුවට ගත් ටැක්ටර් හා ටිපර් රථවල හිමිකාරීත්වය අනුව ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් පියවර ගෙන ඇති අතර ධර්මපුරම් පොලිස් වසමට අයත් ප්‍රදේශයන්හි මහපරිමාන වැලි ජාවාරම් දෛනිකව සිදු කෙරෙන බවටද ප්‍රදේශබාර පොලිස් වසම මීට වඩා සැලකිලිමත් විය යුතු බවටද ප්‍රදේශවාසීන් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,812 Viewers
Main News