මහපරිමාන පලු දැව ජාවාරමක් අල්ලයි…
January 7, 2019 at 2:07 am | lanka C news
මුලතිව් පුදුකුඩඉරිප්පු පොලිස් වසමේ වල්ලිපුණම් ඉඩෙයික්කාඩු රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය පලු දැව ජාවාරමක් සැකකරුවෙකු සමග පුදුකුඩඉරිපිපු පොලීසිය වසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් රක්ෂිතයේ රැකවල් යොදාගෙන සිටියදී ට්රැක්ටරයකින් අදාල ඉරන ලද පලු දැව 154 ක් පටවාගෙන එමින් සිටියදී වැටලීම සිදු කොට ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේදී ට්රැක්ටරයේ රියුදුර පලා ගොස් ඇති අතර පසුව ට්රැක්ටරයේ හිමිකාරීත්වය අනුව රාත්රියේම පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලීසිය විසින් පියවර ගෙන ඇත.
ඉඩෙයික්කාඩු රක්ෂිතය තුලදීම පලු ගස් කපා රක්ෂිතය තුලම ඉරා දැව කොට ප්රවාහනය කිරීමට සැලසුම් කොට තිබියදී මෙසේ දැව ජාවාරම අත්අඩංගුවට ගෙන ඇත.