මහපරිමාන බුරුත දැව ජාවාරමක් ඕමන්ත රක්ෂිතයේ..

February 5, 2019 at 2:06 am | lanka C news
මහපරිමාන බුරුත දැව ජාවාරමක් ඕමන්ත රක්ෂිතයේ..

වව්නියාව ඕමන්ත කුංචිකුලම් රක්ෂිතයේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහපරිමාණ දැව ජාවාරමක් 03 දින රාත්‍රියේදී සැකකරුවන් දෙදෙනෙකු සමගින් අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලුන් කියා සිටියේය.

පුලියන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව කුංචිකුලම් රක්ෂිතයේ පොලිස් විශේෂකාර්ය බලකා සෙබලුන් රැකවල් යොදාගෙන සිටින අතරතුර රක්ෂිතයෙන් කපන ලද දැව ලොරියක පටවගෙන ප්‍රවාහනය කරන අවස්ථාවේදී වැටලීම සිදුකොට අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ලොරි රථයේ සිටි රියදුරු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිතයෙන් කපාගන්නා ලද විශාල බුරුත දැව කඳන් 65 ක් හා ලොරි රථයද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා දැව තොගය ඔම්න්ත වනසංරක්ෂණ නිලධාරීන් වෙතට භාර දීමට පුලියන්කුලම් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කටයුතු සිදු කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

782 Viewers
Main News