මහපරිමාන වැලිජාවාරමක් අල්ලයි.. හොර වැලි තොග ගබඩා පවත්වාගෙන ගිහින්..
April 14, 2019 at 8:02 am | lanka C news
කිලිනොච්චි දිස්ත්‍රීක්කයේ පිහිටි ප්‍රධාන ඇල මාර්ගයන් භාවිතා කරමින් වැලි ජවාරම් කරුවන් වැලි ගොඩ දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාවට මෙන්ම පරිසර විනාශ හේතුවෙන් සාමාන්‍ය වැසියන්ට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
වැලි ජාවාරම් කරුවන් විසින් කිලිනෝච්චියේ කුඹුරු ගොවිතැන් වෙතට ජලය ලබා දෙන ඇල මාර්ගවල වැලි ගොඩ දැමීම හේතුවෙන් ඇල පද්දති සම්පූරණයෙන්ම විනාශ වී යන අතරම ජලය ගලා බැසීමේ තත්වය නොමැති වීමෙන් කුඹුරු වෙතට ජලය ලබා ගැනීමේදී දැඩී අසීරුතාවයන්ට පත්ව සිටින බවට ගොවීහු පවසති.
එමෙන්ම වැලි ගොඩ දැමීම හේතුවෙන් ඉවුර හැරීම නිසා ඇල මාර්ගයන් ආශ්‍රිතව පිහිටි වටිනා ගස් සියල්ලක්ම කඩා වැටීමෙන් දැඩි පරිසර විනාශයක් වීම හේතුවෙන් මේ බව ගොවි සංවිධාන විසින් කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න මහතාට දැනුම් දී ඇත.
අනතුරුව කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති වරයාගේ පූරණ අධීක්ෂණය හ උපදෙස් මත දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මේ වන විට වැලි ජවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුලුල් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇත.
කිලිනොච්චිය පෙරියකාඩු ප්‍රදේශයේ කලක් තිස්සේ පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් පිළිබඳව ලැබුනු තොරතුරකට අනුව දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරියකාඩු වැලිකන්දල් දකුණ ප්‍රදේශයේ කනගරායන් ඇල පිහිටි ස්ථානයක වැලි ගබඩාවක් වශයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර ඉන් වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටර් 5 ක් , ටිපර් 2 ක් , ජවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
මෙසේ වැලි ගබඩාවක් වශයෙන් ජාවාරම් කරුවන් විසින් පවත්වාගෙන ගොස් ඇත්තේ නීති විරෝධීව වූ අතර ඉන් උතුරු පලාතේ ස්ථාන කිහිපයකටම වැලි ප්‍රවාහනය කොට ඇති බවටද කිලිනොච්චිය දිසා දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අනවරනය කොට ගෙන ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දෙමළ කල්ලතෝනි සක්කිලින්ට ඉඩම් බෙදලා දීමේ විපාකය …ගස්, වැලි සේරම ඉන්දියාවට යවනවා ඇති ,,,මේවා තමයි දෙමළ සහජීවනය ,සංහිදියාව අපේ මව් බිම කොල්ලාකෑම