‘මහබැංකුව හොරාකාලා වසර 4යි. අපි තාමත් නිදැල්ලේ.. ඔබට සතුටුයිද… රනිල්, රවි, මලික්, කබීර් වෙසින් පිරිසක් මහ බැංකුව ඉදිරියේ…

February 28, 2019 at 12:02 am | lanka C news
‘මහබැංකුව හොරාකාලා වසර 4යි. අපි තාමත් නිදැල්ලේ.. ඔබට සතුටුයිද… රනිල්, රවි, මලික්, කබීර් වෙසින් පිරිසක් මහ බැංකුව ඉදිරියේ…

මහ බැංකු හොරකමේ පාඩුව පැටව් ගසමින් මේ රටේ මිලියන 21ක ජනතාවක් සෝ සුසුම්වල ගිල්වමින් තිබියදී ඊට මුල් වූ මහා සොරුන් සියලුදෙනා නිදැල්ලේ සිටින බවටත් ඊට අදාළව පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ද ක්‍රියාත්මක නොවන බවටත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් චෝදනා කරයි.

මහ බැංකු හොරකමට වසර 04ක් පිරෙන ඊයේ (27) දිනයේ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමෙන් අනතුරුව ඔහු මෙසේ පවසා සිටියේය.

“අගමැති, මුදල් ඇමති, තවත් කැබිනට් ඇමතිවරු 02ක් හා මහ බැංකු අධිපති යන සියලුදෙනා එක්ව රටක මහ බැංකුව සොරා කෑම, ලෝක ඉතිහාසයේ පළමු වරට සිදු වූවක්. එය සිදු වූයේ 2015 පෙබරවාරි 27 වැනිදා ශ්‍රී ලංකාවේදී යි. අද ඒ කුප්‍රකට සිදුවීම සිහිපත් කරන්නයි ජාතික නිදහස් පෙරමුණ මෙවැනි නව ආරක විරෝධතාවක් සංවිධානය කළේ. මේක ‘ස්මාර්ට්’ හොරකමක් එය සිහිපත් කරන්න අපි ‘ස්මාර්ට්’ විරෝධතාවක් සංවිධානය කළා.

රාජ්‍ය බැංකුවල මුදල්, සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදා ගනිමින් සිදු කළ මේ මහා සොරකමේ සොරුන් තවමත් නිදැල්ලේ සිටීම කනගාටුවට කරුණක්. මේ මහා සොරකමින් සිදු වූ පාඩුව රුපියල් බිලියන 3000ක් ලෙස ගණනය කළත් එය වසර 30ක් තිස්සේ පැටව් ගහනවා.

ගොවි ජනතාව, ව්‍යාපාරික ජනතාව ලබා ගත් ණයවල පමණක් නොවේ දූගී දුප්පත් ජනතාව උකසට තබන රත්තරන් භාණ්ඩවලටත් පොලිය ඉහළ ගියේ මේ මහා හොරකම නිසයි. මිලියන 21ක මේ රටේ ජනතාව සෝ සුසුම් හෙළන තත්වයක් මේ මහා සොරකමින් සිදු වුණා. රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුණා.

මේ මහා හොරකම පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වී වසරක් ගෙවුණා. තවමත් මේ මහා සොරකමේ එක් හොරෙක් විදේශගත වී සිටිනවා. ඇතැමුන්ට ඇප ලැබෙනවා. නීතියෙන්, මේ රටේ මිලියන 21ක ජනතාවගේ සෝ සුසුම්වලට ලබා දෙන පිළිතුර කුමක් ද?

අපි අවධාරණය කරනවා, මේ මහා සොරුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්න කියා. මේ සියලුදෙනාගේ පෞද්ගලික දේපළ රාාජසන්තකකර හෝ මේ පාඩුව පියවාගත යුතුයි.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

246 views

8 Comments to “‘මහබැංකුව හොරාකාලා වසර 4යි. අපි තාමත් නිදැල්ලේ.. ඔබට සතුටුයිද… රනිල්, රවි, මලික්, කබීර් වෙසින් පිරිසක් මහ බැංකුව ඉදිරියේ…”

  1. බයියෙක් says:

    හූ ඇන්පී නෙ…… අයෙ අහන්න දෙයක් නෑ….

    • Nagasinha says:

      9% අඩු පොලියට ගන්න තිබ්බ ණය ඇලෝසියස් ගෙන් 12.5% හේ වැඩි පොලියට ගත්තා.
      ගත්තේ බිලියන ගානක ණයක් අවුරුදු 30කට නිසා රටට අම්බානක පාඩුයි.
      ඔන්න හූ ඇන්පී වැඩ.

  2. sunil Aththanayaka says:

    E Witharakda Loka horun dennek Athsan karapu mudal nottu pawichchi karana Ekama ratath Lankawayi….!!! saneepda Dan…!!!

  3. බන්ඩා says:

    මහබැංකු බැඳුන්කර හොරකම කියන්නෙ එසේ මෙසේ බැංකු බිඳිමක් නෙවෙය්. අඹරල වටකරල ගහපු බැංකු මගඩියක් (a scam and a sting operation). ඒ නිසා ඉස්සෙල්ලාම අල්ලන්න ඕනා මගඩියට ප්ලෑන ගහපු එකය්. උගෙ ගෝල සෙට් එකය්. වැඩි පොලියට (බැඳුන්කර) ණය ගන්න අනුමත කල එකය්, ඇප නැතුව ලංකා බැංතුවෙන් ඇලෝසියස්ට බිලියන ගනනක ණය අනුමත කල එකය්, සහ ඒ ණය පත්‍ර ලැහැස්ති කරනකන් (බැඳුන්කර) වෙන්දේසිය ප්‍රමාධ කරන්න නියෝගය දුන්න එකය් තමාහොරැ රැලේ මහ හොරැ. බැඳුන්කර ඩීල් කරල සල්ලි උපයා ගත් දෙන්නා රිමාන්ඩ් කරල වැඩක් නැහැ. ලේ කොල හරක්ට නොතේරැනාට සාමාන්‍ය අපිට නම් හොර නඩේ කැප්ටන් රනිලා බව සක් සුදක් සේ පැහැදිලිය්. රනිලා පන්නමු.

  4. Nim says:

    NEYAMI NEYAMI NIYAMA I
    SATANATA JAYAWEWA
    JAYAWEWA ,
    JANATHAWAGE MUDAL
    APASU LABEWA.

  5. mahaba says:

    jvp eka samaga heuwen ina eun ko

  6. gonja says:

    jvp eka samaga heuwen ina eun ko

  7. bank says:

    jvp eka samaga heuwen ina eun ko

Main News