මහමග මිය ගොස් සිටි අයෙකුට කොරෝනා.. මහව වෙලද සැල් වසා දමයි..

November 20, 2020 at 3:00 pm | lanka C news
මහමග මිය ගොස් සිටි අයෙකුට කොරෝනා.. මහව වෙලද සැල් වසා දමයි..

පසුගිය 15 වැනිදා මහව හා රන්දෙනිගම දුම්රිය ස්ථාන අතර මහා මාර්ගයේ ඇද වැටී මියගොස් සිටි අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

එම ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත එම ස්ථානයේදී මහේස්තාත් පරීක්ෂණයෙන් පසුව මෘතදේහ කුරුණෑගල අපේක්ෂා රෝහලට යවා තිබේ.

එහිදී සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිත වූ බවයි.

ඒ හේතුවෙන් මරණ පරීක්ෂණයට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දාහතර දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මියගිය පුද්ගලයා මහව, රිදිබැදිඇල්ල, ගජහේන්ගම ප‍්‍රරදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මියගොස් ඇත්තේ රැකියාවක් සොයා නිවසින් පිටව යන අවස්ථාවේදී බව පොලිසිය සඳහන් කර තිබේ.

මෙම පුද්ගලයා සිය දිවි නසාගත්තේද යන්න පිලිබද පරීක්‍ෂණ කරමින් පවතී.

මෙම පුද්ගලයා සැරිසරා ඇතැයි සැලකෙන මහව නගරයේ ව්‍යාපාරික ස්ථාන දින 03ක කාලයක් වසා දැමීමට කටයුතු කර ඇත.

40,439 views

2 Comments to “මහමග මිය ගොස් සිටි අයෙකුට කොරෝනා.. මහව වෙලද සැල් වසා දමයි..”

  1. Sanka says:

    මහ මග මැරැනේ යචකයෙක් …

    අනිත් අය මැරැනේ වෙන ලෙඩවලින්…

    මීට හමු දා පති…

Leave a Comment

Main News