මහමැතිවරණයක් වෙනුවෙන් සටන් කරන්නට ශක්තිමත් සටන් පෙරමුණක් බිහිවේ…
November 28, 2018 at 8:02 am | lanka C news
වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදය හමුවේ, ප්රජාතන්ත්රවාදයේ මූලධර්මවලට අනුකූල ව පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට සිය නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට අවස්ථාවක් ලබා දිය යුතු බව ඉතා පැහැදිලි ය. එහෙත් විවිධ පාර්ශව අධිකරණ ක්‍රියාමාර්ගවලට පවා යොමුවෙමින් ජනතාව ගේ පරමාධිපත්‍ය බලය යටපත් කිරීමට උත්සාහ දරන බව පෙනේ. තානාපතිවරුන් කිහිප දෙනකු ද ජනතාවට මහ මැතිවරණයක් සඳහා හිමි වූ අවස්ථාව අහිමි කිරීමට අනිසි බලපෑම් එල්ල කරමින් සිටිනු පෙනේ.
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මඟින් ක්‍රියාත්මක වන්නේ ජනතා පරමාධිපත්‍යයි. මහජනතාව ගේ ඒ පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් පවරනු ලැබූ ආයනත හරහා ම උදුරා ගන්නට තැත් කිරීම ප්රජාතන්ත්රවාදයට එල්ල කරන මරු පහරක් සේ අපි දකිමු. ඒ නිසා දිවයිනේ වැඩසිටින බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ පූජ්‍ය පක්ෂය, බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුලූ සකල විධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහ මැතිවරණයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය පිහිටුවනු ලැබූ අතර එහි ප්‍රථම ජාතික සමුළුව (අද) 28 වන බදාදා සවස 3.30 ට කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අස්ගිරිපාර්ශවයේ මහා ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද නාහිමි, රෝහණ පාර්ශවයේ අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංස නාහිමි හා ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය පේ‍්‍රමලාල් ද සිල්වා, ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති ආනන්ද රණසිංහ, සිනමාවේදී සුමිත්‍රා පීරිස්, සංගීතවේදී විශාරද ජගත් වික්‍රමසිංහ, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ වෘත්තික ලසන්ත වික්‍රමසිංහ, විශේෂඥ වෛද්‍ය මහාචාර්ය වසන්ත දේවසිරි, දේශීය ව්‍යවසායක සමන්ත කුමාරසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය චරිත හේරත්, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්ම මහත්මීන් අදහස් දක්වනු ඇත.
අනුප පැස්කුවල්
කැඳවුම්කරු
බ්‍රිතාන්‍ය විසින් සිය නව යටත් විජිතය සඳහා පිලියල කර 1978 ව්‍යවස්ථාව කූඨ ලේඛණයකි.මෙම කූඨ ලේඛණය හිස මුදුුනේ දරාගෙන සිටින හැම කෙනෙක්ම අමනයෙකි.
මේ අනුව මඩුවේ සත්‍යග්‍රහයේ යෙදෙන්නන්ද,රාජපක්ෂද,මෙෙත්රිද,රනිල්ද පොදුවේ නියෝජනය කරන්නේ අමනකමයි.
This is just a shield / mask.
Real culprits are behind.
Come & see. This time common public is smart enough to see the truth through the shield / mask.
නියමයි
Nothing to do with this article but Immediately get Ranil thrown out of Temple Trees. He is illegally occupying it and the govt must not be any longer sympathetic to this man who was recommended by the Batalanda commission to take his civic rights off. Govt, Pl act quickly and decisively.
” VERY GOOD ”
JATHIYE WAGAKEEMA
SADAHA EDIREYATA ANA
BUDDIMATH
JANATHA WATA
JAYAWEWA JAYAWEWA JAYAWEWA
THERUWAN SARANI
DEVI PIHITI. 😃😃😃😆😆😆😆
ජයවේවා…ජාතියේ අවශ්‍ය තාවයකි…අපේ ප්‍රණාමය…