මහමෙවුනාව-ආශ‍්‍රමය යුධ වදිති.. සමන්තභද‍්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]

September 2, 2018 at 10:03 pm | lanka C news
මහමෙවුනාව-ආශ‍්‍රමය යුධ වදිති.. සමන්තභද‍්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]

දෙහිවල ශ්‍රී සදහම් ආශ්‍රමාධිපති පූජ්‍ය ශ්‍රී සමන්තභද‍්‍ර හිමියන් සහ මහමෙව්නා අසපු ජාලයේ ප‍්‍රධානී පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ධර්ම දේශනාවලදී එකිනෙකාට දොස් පවරාගන්නා අයුරු දැන්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි අතිශයින් ජනප‍්‍රියය.

බුදුදහම සම්බන්ධයෙන් වෙනම් මතවාදයන් දරමින් එකිනෙකාට දෝෂාරෝපණය කරගන්නා ආකාරය එම වීඩියෝවයි දැක්වෙයි.

ඥාණානන්ද හිමියන් විසින් සමන්තභද‍්‍ර හිමියන්ට ‘රහත් රංග පීඨය’ යයි පවසද්දී සමන්තභද‍්‍ර හිමියන් පවසන්නේ ඥාණානන්ද හිමියන් දාර්ශනික නොවන අතිශය ග‍්‍රාම්‍ය කිරිබත් ගොඩයෙක් බවයි.

කිරිබත්ගොඩ හිම්යන්ගේ මිත්‍යාව!

සම්පූර්ණ වැඩ සටහන සඳහා 👉🏻👉🏻 https://youtu.be/SKe5pdohKQQ #lka #SriLanka #SiriSamanthabhadra #mahamevna #buddhism

Gepostet von පර වාද සුන් කරව් සිංහ නාද කරව් am Freitag, 31. August 2018

832 views

48 Comments to “මහමෙවුනාව-ආශ‍්‍රමය යුධ වදිති.. සමන්තභද‍්‍ර-ඥාණානන්ද හිමිවරුන් එලිපිට බැණ ගනිති…[Video]”

  1. ජය says:

    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පලතුරු පූජා, මල් පූජා පිවිතුරු බුදුදහමට අනුව හරිද ?
    අනික් පැත්තෙන් ගත්තම සමන්ත බද්‍ර හාමුදුරුවොත් කියන්නෙත් බිස්නේස් කාරයෙක්. හැබැයි මේ අවස්ථාවේ ඒ හාමුදුරුවෝ කියපු දේ හරි.. Internet එකෙන් යක්කු පෙරේතයෝ යනවනම් අපිට horror movies සහ ghost movies බලන්න බැරි වෙනවා….

    මේ මිත්‍යාදෘෂ්ටිකයන් ගැන රටේ තියෙන බුද්ධශාසන අමාත්යංශය හරි, මල්වතු – අස්ගිරි ලොකු හාමුදුරුවෝ හරි මොනවහරි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා..

    නැත්නම්, බෞද්ධ දර්ශනය තව ටික කලකින් විනාශ වෙයි..

  2. nimal says:

    රහතුන් යැයි කියාගත් භික්ෂුවක් කථා කරන හැටිද මේ. අන්‍යාගමිකයින්ට දෙකොනින් හිනා යනවා ඇති. අනේ අපොයි බුදු දහමට හා බෞද්ධ සංස්කෘතියටසිදුවන දේ . අපට ඇත්තටම දුකයි.

  3. ජේකොබ් ෆෙර්නැන්ඩස් says:

    කිරිබත්ගොඩ ස්වාමීණ්වහන්සෙ එතුමා මේ කාලයේ කරන දේශණා ටික පාඩුවෙ කරගෙන හිටියානම් ඉවරයි ඒවා නිවනමග වුනත් නැතත්. විභජ්ජවාදී සත්කාර්යයෙන් වාසි ගන්න ගිහින් කරගත් දෙයක් තමයි ඔය (තව බොහෝ නිවන මග නොසොයන, නොයන හිමිවරු මේ කාලෙ ඔහොම වාසි ගන්න යනවා මේ කාලෙ )

    සමන්තබද්‍ර හිමියන් මෑත අතීතයෙ බැලුවාම උණ්වහන්සෙගෙ නම කියලා වැරදි කතා කියපු අයට නිර්දය ලෙස පහර දුන්නා. එහි වරදක් දකින්නෙ නැ, මොකද සත්‍ය ප්‍රතිපදාව දේශණා කරනව වෙනුවට අදාල නොවන දේ කරමින් නිවන කලුද සුදුද නොදැන එය ප්‍රත්‍යක්ෂ කල අය ගැන කතා කරන්න නිසුදුස්සො කතා කලොත් සත්‍යයේ නාමයෙන් සත්‍යය දැක්ක කෙනා කතා කරන්න ඕන. නැත්නම් සත්‍යය ඉදිරි පරපුරට රැකෙන්නෙ නෑ.

    අපි බොහෝ දෙනා කිරිබත්ගොඩ ස්වාමීණ්වහන්සෙගෙ “ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ” පොත නිසයි මේ ජීවිතයේ නිවන් දකින්න පුලුවන්, අපි යුහුසුලුව නිවැරදි මාර්ගය සොයන්න ඕන කියන තීරණයට ආවෙ.

    ඒ පණිවුඩය දුන්න උණ්වහසෙම පස්සෙ මිනිස්සුන්ට ඒ අදහස අතහැරගන්න, මට ගොඩක් විශ්වාස කරලා ඇසුරු කරපු හිමිවරු (නම් ගම සහිතව ) නිවන් දැකලා නෑ කියලා කිව්වා. එතුමාට කියන්න තිබුනෙ අනේ මටනම් තවම බැරි වුනා ඔබලා වෙන අතක් බලා ගිහින් සොයන්න. ආර්යයෙක් ඔබලාට හමුවෙන්න පුලුවන් මට හමු නූනාට කියලා.

    තමන් නොදුටු නිවන අනුන් දැකලා නැ කියලා කෙනෙක් කියන්නෙ කොහොමද. ඔන්න ඔතන ඉඳලයි සොබා දහම උණ්වහන්සේ අපහාසයට පත් කරන්න පටන් ගත්තෙ.

    මේ කිරිබත්ගොඩ හිමිටත්, සමන්ත බද්‍ර හිමිටත් පක්ෂ සියලු දෙනා පුද්ගල අභිවාදනය නවත්වලා අවංකව නිවනට එකම මගවන සතර සතිපට්ඨානය ගැන සොයන්න, සිහිය ගැන සොයන්න. නිවන මේ දැනුත් ඔබට විවෘතයි කවුරු මේකාලෙ නිවන් දකින්න බෑ කිව්වත්, ඔබ ලඟමයි තියෙන්නෙ, දකින්න මහන්සි වෙන්න.

    සියලු ගැටීම් වලින් අයින් වෙලා හැමතැනම ඇහෙන දහම විවෘත මනසකින් අහලා බලන්න තමනට යමක් ගැඹුරින් වැදුනාද කියලා. එහෙම වුනානම් ඒ ඔස්සේම හිතලා සොයලා බලන්න. නිවන් දැක්කා කියන ගිහි පැවිදි බාලු මහලු ඕන කෙනෙක් එක්ක දිර්ඝ සාකච්චාවකට යන්න. මොකද ඔබ නිවන් පුරේට අතින් අල්ලගෙන යන කළ‍යාණ මිත්‍රයා ඔබට හමුවෙන්න තියෙන විදිය ඔබ දන්නෙ නෑ.

    අවම වශයෙන් දවස තිස්සෙ සිහිය පවත්වාගෙන මේ පේන, ඇහෙන, දැනෙන, හිතෙන දේට අමතරව ඔබ කරන සිතීම සහ සකස්කිරීම අඳුනාගෙන ඒවා එතනම නවත්වා ගන්න. ඒ සිතීම් ඒ පෙනෙන, ඇහුන, දැන දේට අයිති නැති බවත්, හුදු සිතේ ප්‍රභන්ධයක් බවත් දකින්න පටන් ගන්න. ඔබට මෙතනම නිවන් මග විවෘත වෙනවා.

    තෙරුවණ් සරණයි !

Main News