මහරගමදී පිළිකා රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම අරඹේ..

October 29, 2016 at 2:07 am | lanka C news
මහරගමදී පිළිකා රෝගීන්ට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම අරඹේ..

මහරගම අපේක්ෂා රෝහලේ දී පිළිකා රෝගීන් සදහා ඇට මිදුළු බද්ධ කිරීෙමි ශල්‍යකර්ම ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙල පිළිබද මාධ්‍ය දැනුවත් කිරීෙමි මාධ්‍ය හමුවක් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්විනි.

ඔිස්ටේ‍්‍රලියාෙවි වින්සන්ට් රෝහලේ මහාචාර්ය එම්.ඒ ඬේවිඩි මහතාගේ උපදෙස් මත ශල්‍ය කර්ම සිදු කිරීම ලබන දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිතය. පිළිකා රෝගීන්ගේ ඇටමිදුළු බද්ධ කිරීෙමි ශල්‍යකර්ම ශ‍්‍රී ලංකාෙවි ප‍්‍රථමවරට ආරම්භ කරන අතර, මෙතෙක් කල් එවැනි සැත්කම් සිදු කරන ලද්දේ සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවල දීය. එවැනි එක් ශල්‍යකර්මයක් සදහා වැයවන මුදල රුපියල් මිලියන 30-40 අතර වෙයි. දැනට මෙම ශල්‍යකර්ම සිදු කිරීම සදහා මහරගම අපේක්ෂා රෝහලේ ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවයි.

මෙම මාධ්‍ය හමුෙවි දී අදහස් දැක්වූ මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ප‍්‍රසාද් අෙබිසිංහ මහතා මෙසේ පැවැසීය.  ර්‍ණඇටමිදුළු බද්ධ කිරීෙමි ශල්‍යකර්ම සිදු කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන් 04 දෙනෙකු ඔිස්ටේ‍්‍රලියාෙවි වින්සන්ට් රෝහලේ දී විශේෂ පුහුණුවක් ලබා සිටිනවා. ඇටමිදුළු බද්ධ කිරීෙමි ශල්‍ය කර්ම වර්ග දෙකක් තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ දී අපි සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ  ර්‍ණස්වයං ඇටමිදුළු බද්ධයයි”. මෙම ශල්‍යකර්මය සාර්ථක වූ පසු දෙවන ක‍්‍රමය වන  ර්‍ණදායකයන් සමග කරන ඇටමිදුළු බද්ධ කිරීම” සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මෙම මාධ්‍ය හමුවට වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්.අර්.එම්.එල්.ආර්  සියඹලාගොඩ මහතා,  මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විල්ප‍්‍රට් කුමාරසිරි මහතා, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා, පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන ප‍්‍රසාද් අෙබිසිංහ මහතා, දමයන්ති පීරිස් මහත්මිය, ලක්මාලි මොරවක මහත්මිය සහ ඔිස්ටේ‍්‍රලියාෙවි වින්සන්ට් රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එම්.ඒ ෙඩිවිඩි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

– නිපුන් ඒකනායක

5,591 Viewers
Main News