මහරගම නගරාධිපතිට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී 21ක් විරුද්ද වෙති.. ජාතික ගීය මැද විරෝධතා..

September 25, 2021 at 1:20 pm | lanka C news
මහරගම නගරාධිපතිට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී 21ක් විරුද්ද වෙති.. ජාතික ගීය මැද විරෝධතා..

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට අප්‍රසාදය පළ කරමින් එම නගර සභා රැස්වීම අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වී තිබිණි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් විසි එක් දෙනෙකුම නගරාධිපතිවරයාට විරෝධය පළකර තිබුනේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමිනි.

මන්ත්‍රීවරුන් කියා සිටියේ එහි විනිවිදභාවයක් නැති බවත් සභා අනුමැතියකින් තොරව එය සිදු වූ බවත්ය.

ඊයේ දින ඇති වූ උණුසුම් තත්ත්වය මැද ජාතික ගීය වාදනය කරමින් නගරාධිපතිවරයා විසින් සභාව අවසාන කිරීමට කටයුතු කළ ද එය නොතකා මන්ත්‍රීවරුන් සභාව මැද විරෝධතා දියත් කළහ.

19,166 views

6 Comments to “මහරගම නගරාධිපතිට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී 21ක් විරුද්ද වෙති.. ජාතික ගීය මැද විරෝධතා..”

  1. Lessons says:

    සුදු ඇදුම ඇදලා,කුරහන් සාටකේ දාලා, ඕනාවට වඩා ජාතික ආදරේ බවක් පෙන්නනවනම්,රාජකීය උෂ්ණෙන් අනිත් අයට වඩා මම උසස් මානසිකත්වෙන් නම් ඉන්නේ..දරුවනේ දෙපාරක් හිතන්න එපා! එයා හොරකං කරන මාමා කෙනෙක්!

    -Teach these lessons to ur kids..for a better
    future.

  2. මහරගම වැසියෝ says:

    කවුරැ ආවත් කමක් නෑ අර කාන්ති කොඩිකාර කියන නගරසභාව කාපු අමිමණ්ඩි නැතුව.

  3. Sugath says:

    මහරගම නගරාධිපතිට ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී 21ක් විරුද්ද වෙති.. ජාතික ගීය මැද විරෝධතා..—–

    මේ පෙන්නන්නෙ වෙන මොකුත් නොවේ , මුන්ගේ පාලනයේ අවසානයේ ආරම්බය ….ඔහොම යන් ..කර්මය වැඩ පටන් අරන්

  4. Felix says:

    Sakkili Kiyala Handunwana Pirisa, Mona Tharam Sanwara, Saamakami Janathawakda?

  5. ගෞම් ඊයාරාජ් says:

    නගරාධිපතියත් කුරහං සාටකයක් දාගෙන ඉන්නවා කියහංකො , කුරහං සාටකේ ෆැඩ් එකක් වෙලානේ බන් , මාත් එකක් දාගන්න ඔනේ.

  6. Yohani says:

    Dan jathika geeya sri lanka matha nemei , Manike mage hithe. Ekata siruwen hitapan dan.

Main News