මහරගම පිලිකා රෝහලට ඖෂධ හිගයි… ජනතා ආධාර ඉල්ලයි..

September 23, 2022 at 12:00 pm | lanka C news
මහරගම පිලිකා රෝහලට ඖෂධ හිගයි… ජනතා ආධාර ඉල්ලයි..

පවතින ඖෂධ හිගය හා මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබේ.

මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කරන්නේ ඒ හේතුවෙන් පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අයට ඊට අවස්ථාව ලබාදී ඇති බවයි.

“යම්කිසි ඖෂධවල අඩුවක් තියෙනවා. නමුත් සියල්ල ම නෙමෙයි. අපිට ඖෂධ හා වෛද්‍ය සැපයුම් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අපිට ලැබෙනවා. මෙයින් යම් ප්‍රමාණයක අඩුවක් තියෙනවා. නමුත් එම ඖෂධ ප්‍රාදේශීයව මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙනවා. මීට අමතරව දානපතියන් ඖෂධ ලබාදීම කරනවා. එයින් යම් අඩුපාඩුවක් තියෙනවා නම් එය පිරිමසා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සියලුම දානපතියන්ගෙන් සංවිධානවලින් අපි ඉල්ලා සිටිනවා මේ සද්කාරයට සහභාගි වෙන්න කියලා.

අපේ රෝහලේ පරිත්‍යාග ඒකකය තියෙනවා. එහි ඖෂධවේදිනියක් පත්කරලා තියෙනවා. අප රෝහලට පැමිණ හෝ දුරකථනයෙන් මේ ඖෂධවේදිනිය සම්බන්ධ කරගෙන, මේ අවස්ථාවේ අපට අවශ්‍ය වන ඖෂධ තියෙනවා නම් දැනගන්න පුළුවන්. ඒ වගේම ඒ ඖෂධ ලබාගත හැකි ස්ථාන පිළිබඳවත් වැටහීමක් ගත හැකියි. මේ තුළින් අපට පුළුවන් රෝගීන්ට සහනයක් ලබාදීමට ඔබටත් සහභාගී වීමට. අපිට වඩාත් සුදුසු වෙන්නේ ඖෂධ වශයෙන් ලබාදෙනවා නම් තමා. අපේ පරිත්‍යාග ඒකකයෙන් අවශ්‍ය ඖෂධය කුමක් ද කියලා දැනගෙන අපට ඒ ඖෂධය ලබාදෙනවා නම් පහසුවක් වෙනවා.”

8,254 views

4 Comments to “මහරගම පිලිකා රෝහලට ඖෂධ හිගයි… ජනතා ආධාර ඉල්ලයි..”

  1. කුඹුක්කණ් says:

    ඖෂධ තිබ්බ කියලා සියයට කීයක් බේරගත්තද ඕගොල්ලො.

    කෝටි ගනං වැය කරමින් කරන අති අසාර්ථකම පිලිකා ප්‍රතිකාර.

    • gamaya says:

      තෝ දන්න තරම තමයි ගොන් ලබ්බා. ඇයි තොපේ මහ ලොකු හෙළු වෙජ්ජු හොඳ කරනවද මොන ලබ්බක් වත්? අනේ නිකන් පලයන් අවලමෝ යන්න.

      • කුඹුක්කණ් says:

        උඹ ඕවා කියලා මට කෙලවන්නද හදන්නේ? හෙළ වෙද්දු වෙච්ච අපිට දැන් හාරි හමන් ගාණක් හොයා ගන්න ඉතුරු වෙලා තියෙන්නේ ඔයා පිළිකා ලෙඩ්ඩුන්ගේ මර බිය මාකට් කරලා විතරයි. ඒ ගොල්ලන්ගේ මැරෙන්න තියෙන බය නිසා අපි කියන ඕනම ගානක් දීලා අපේ ‘හෙළ’ බෙහෙත් ගන්නවා. බෙහෙත වැඩ කරනවාද නැද්ද කියන එක අපට අදාලම නෑ.

        පාහර ඇලොපතියන්ගේ කීමට කොරෝනා වැක්සින් ගෙනැල්ලා කෙලපු එකෙන් අපිට කොරෝනා ‘හෙළ’ පැණි විකුණලා හොයා ගන්න තිබුණ කෝටි ගාණකටත් කෙල වුනා.

        උඹ දැන් හදන්නේ අපි පිළිකා ලෙඩ්ඩුන්ගෙන් කඩා ගන්න ගාණත් නැති කරන්නද?

        යකෝ.. හෙළ වෙද්දු වුනාට අපිත් ආසයි කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes, V8 පැදගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපේ ඉන්න. ඒක තේරුම් ගනින් කුහකයා.

  2. kure says:

    ජපාන හිටපු අගමැතිගේ අවමගුලට ජනපති රනිල් ජපානයට!

Leave a Comment

Main News