මහරාජා ලක්‍ෂ ගණනක් ජනතාවට අස්වැසිල්ලක් වුනා..- අගමැති

July 25, 2021 at 5:39 pm | lanka C news
මහරාජා ලක්‍ෂ ගණනක් ජනතාවට අස්වැසිල්ලක් වුනා..- අගමැති

කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති ශෝක පණිවුඩය මෙහි දැක්වෙයි.

****

කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වූ පුවත සැළවීමෙන් මම අතිශය ශෝකයට පත්වූයෙමි.

දක්ෂ ව්‍යවසායකයකු ලෙස මෙරට ආර්ථිකයට ශක්තියක්වන ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන යාමට කටයුතු කළ ආර්.රාජමහේන්ද්‍රන් මහතා ඒ ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අස්වැසිල්ලක් වූයේය.

සිරස,ශක්ති, එම්.ටී.වී මාධ්‍ය ජාලයේ හිමිකරු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි ආර්.රාජමහේන්ද්‍රන් මහතා මෙරට රූපවාහිනිය සහ ගුවන් විදුලිය නව්‍යකරණයට ලක්කළ පෙරගමන්කරුවෙකි.

ජනතාවට සත්‍ය තොරතුරු ලබා දීමෙන් ඔබ්බට යමින් ගම්මැද්ද  වැනි වැඩසටහන් ඔස්සේ  ග්‍රාමීය ජනතාවගේ දියුණුවට මග පෑදූ ආර්.රාජමහේන්ද්‍රන් මහතා දක්ෂ ව්‍යාපාරිකයකු මෙන්ම සමාජ සේවකයකු ලෙස සිය යුතුකම් රට වෙනුවෙන් නොපිරිහෙළා ඉටු කළේය.

ආර්.රාජමහේන්ද්‍රන් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ, පුතා ශෂී රාජමහේන්ද්‍රන්, දියණියන් ඇතුළු පවුලේ සමාජිකයන් සහ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් කැපිටල් මහරාජා සමූහය ඇතුළු සිරස,ශක්ති,එම්.ටී.වී  මාධ්‍ය ජාලයේ සියලු දෙනාටත් මාගේ බලවත් ශෝකය පිරිනමමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

46,614 views

17 Comments to “මහරාජා ලක්‍ෂ ගණනක් ජනතාවට අස්වැසිල්ලක් වුනා..- අගමැති”

  1. 3% ට බය බයියා. says:

    මලයා නම් කිව්වේ මෙහේ මහරජාලා නැහැ කියලා .

    • ජනජය says:

      තව ටික දොහකින් මේ රටේ අනික් කොඩි විනය වන 3% බොලත් නෑ….බලපං මොකද වෙන්නෙ කියල !

      • Jagath says:

        2024 වෙද්දී ඔය සාටක දේශප්‍රේමීයෝ ටිකත් හොයාගන්න බැරිවෙනවා. 😁😁😁😂.

        • ජනජය says:

          සාටක නැති උනාට කමක් නෑ…..ගං වතුරෙන් බොල නැති වෙයිද කියන එකයි පස්නෙ….මේ කියනවට පරිස්සමින් හිටහං….2024 දි කොටහං මේ මං ඉන්නෝ කියල ..අපට සංතෝස හිතෙයි..!

      • 3% ට බය බයියා. says:

        2015 දී දුන්නේ මැදමුලන වලව්වේ ඉස්සරහ ජනේලේ එල්ලෙන්න .

        • ජනජය says:

          අනේ ඔව් බං …තාම ජනේලෙ එල්ලුන ගමන්…බොල 90 පස්සෙ ඉපදුණු බූරු පුතෝ…තොපි එක රාජපක්ෂ කෙනෙක් එලවන්න ගිහින් බලපිය දැං රාජපක්ෂල කීදෙනෙක් බලයෙද කියල …ඒ අස්සෙ තොපේ සුදු පිම්පිය තටමල තටමල ආසනේට ආව…තොපේ අන්රයියට ලැට් එකේ සල්ලි ගන්න බැරි උනා…කියනවට බලං හිටපංකො තව මොකද වෙන්න කියල !

  2. 🤣🤣🤣🤬 says:

    ඇයි දැන් ප්‍රබාකරන් කෙනෙකුත් ඉන්නේ…!
    හැබැයි නම :- රිෂාඩ් බදුරුදින් ප්‍රබා..!

  3. අඩෝ says:

    ඉන්නකල් කළේ දෙමළ නඟා සිටුවීමයි. කොටින්ම සිංහල ‍බ්‍රේක්ඉන් ප්රවෘත්ති කියනකොට දෙමළින් කියන තැනට ලංකාව ගෙනාවා. කොහෙවත් හිටියේ නැති රාවනයෙක් ගෙනල්ලා සිංහලයාගේ ප්‍රව්ඩ ඉතිහාසය විකෘති කලා. දැන්වත් සිරස පාඩුවේ හිටහන්.

  4. Citizen says:

    How many Sinhala Buddhist s will agree with the statement issued by their PM ?

  5. kamal says:

    දිට්ඨ ධම්ම වේදය කාටත් පොදුයි. ඔය වැඩිපුර දඟලන හැමෝමට අදාලයි. ඇස්පනාපිට ඉදිරියේදී මේවගේ තව දේවල් දකින්න පුළුවන් වෙයි.

  6. ගිජුලිහිණි සංදේශය says:

    පල කී විටක මරුවා නැත එය පරදා
    කල කී දෙයකි උරුමය අප හැර යන දා
    සැම රාජා වරුන් දත යුතු දෙයකි මෙදා …!!
    මහරාජා උනත් නැත කරුමෙට බාධා ….!!!

  7. Felix says:

    Power of money… and support rendered…!

  8. චන්ද දායක says:

    මෙන්න මහින්ද රාජපක්ෂ . කාටවත් සාප කරන්නෙ නැති මහත්මා ගතිය.

Main News