මහරෝහලට වෛද්‍යවරුන් ඉල්ලා උද්ඝෝෂණ…

August 19, 2020 at 2:24 am | lanka C news
මහරෝහලට වෛද්‍යවරුන් ඉල්ලා උද්ඝෝෂණ…

මුලතිව් මහරේහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිගයට වහාම විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා (18)  මුලතිව් මහරෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් මහාරෝහලේ සුභ සාධක සංගමය හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙසේ උද්ඝොෂණය සංවිධානය පැවත්වූහ.

එහිදී උද්ඝෝසණයේ නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ මේ වන විට මුලතිව් රෝහලට වෛද්‍යවරුන් 60 දෙනෙකුගේ අවශ්‍යතාවයක් පැවතියද මේ වන විට රෝහලේ සේවයේ නිරත වන්නේ වෛද්‍යවරුන් 27 දෙනෙකු පමණක් බැවින් වහාම එම පුරප්පාඩුව විසඳන ලෙසටය.

එමෙන්ම වෛද්‍යවරුනගේ හිගය හේතුවෙන් රෝගීන්ගේ ජීවිතද දැඩි අවධානමක පවතින හෙයින් පත් වූ නව ආණ්ඩුව මගින් හෝ මුලතිව් රෝහලේ වෛද්‍යවරුන්ගේ හිගයට විසඳුම් ලබා දෙන ලෙසට උද්ඝෝෂකයින් වැඩි දුරටත් පැවසූහ.

අනතුරුව උද්ඝෝෂකයින් විසින් ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්ට හා විනෝ නෝහා රාධලිංගම් යන අයට ලබා දීමට පියවර ගත් අතර අදාල ගැටලුව වෙනුවෙන් විසඳුම් ලබා දීමට බලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කරන බවටද මන්ත්‍රීවරුන් විසන් උද්ඝෝෂකයින්ට පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,211 views

2 Comments to “මහරෝහලට වෛද්‍යවරුන් ඉල්ලා උද්ඝෝෂණ…”

  1. nim says:

    ඉන්න උන්ට EXAM කරන්න දෙන නේ . උසාවි ගානේ යනවා .

  2. nim says:

    ඉන්න උන්ට EXAM කරන්න දෙන් නේ නැහැ . උසාවි ගානේ යනවා .

Main News