මහර ගැටුමෙන් 107ක් තුවාලයි.. රෝහල්ගත කල 26කට කොරෝනා..

December 1, 2020 at 8:40 am | lanka C news
මහර ගැටුමෙන් 107ක් තුවාලයි.. රෝහල්ගත කල 26කට කොරෝනා..

මහර බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාවය හේතුවෙන් රැඳවියන් 107ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

රැඳවියන් 08 දෙනෙකු ඉන් මියගිය බව පැවසූ ඔහු ඊට අමතරව බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා සිටින බවද කියා සිටියේය.

මේ අතර එම ගැටුමෙන් තුවාල ලබා රෝහල් ගතකරන ලද රැඳවියන්ගෙන් 26 දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබේ.

රෝහලේදී සිදුකළ පරීක්ෂණ වලින් මේ බව හෙළි වූ බව රාගම රෝහල් අධ්‍යක්ෂ වරයා සඳහන් කළේ ය.

7,895 views

One Comment to “මහර ගැටුමෙන් 107ක් තුවාලයි.. රෝහල්ගත කල 26කට කොරෝනා..”

  1. ක්‍රිමිනල් says:

    ඕක අමූ කුමණ්ත්‍රනයක් , කොටිම්ම කිව්වොත් විදේශීය සී.අයි.ඒ ගනයේ මෙහෙයුමක් , විකුර්තී පෙත්තක් බෙදා හැරලා හිරකාරයො මෝල් කරලා අහිංසක බන්ධනාගාර නිලධාරීන්ට පහර දීලා , මේ රට අස්ථාවර කරන්න විදේශ බලළ් අතක් විසින් දියත් කරපු නාමල් කුමාර ගනයේ මෙහෙයුමක්.

    ප.ලී; හැබැයි ඉතින් ඔය පෙති ,කුඩු, ගංජා , හෑශ් එකී මෙකී නොකී හැම උලව්වක්ම බන්ධනාගාරය තුල සැරිසරනවා සහ භාවිතාවනවා ,එහෙම වපසරියක් තියෙද්දී ,කොවිඩ්19 බැටකන තෙරපිච්ච බන්ධනාගරයක , එක පාරටම ඔය පෙත්ත ගහලා අවුල් වෙච්ච එක නං විදේශීයමය කුමණ්ත්‍රනයක් තමයි. කවුද ඕයි මේ වගේ තිරපිටපත් ලියන්නේ ,දෙවෙනි ඉනිමේ එකාමද ? 😏😏

Main News