මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්.. රැදවියන් ප‍්‍රචණ්ඩ වන පෙති දීලා..- විමල්

November 30, 2020 at 11:20 am | lanka C news
මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්.. රැදවියන් ප‍්‍රචණ්ඩ වන පෙති දීලා..- විමල්

මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

කිසියම් පිරිසක් විසින් රැඳවියන් අතර යම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

44,794 views

33 Comments to “මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්.. රැදවියන් ප‍්‍රචණ්ඩ වන පෙති දීලා..- විමල්”

  1. Chandima says:

    එතකොට ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය කියන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයක් කියලා. ඒක පට්ටපල් බොරුවක් නේද ඇමතිතුමා.

  2. වෙබ් බුවා says:

    මෙය සත්‍යයක් .2015 ආණ්ඩු පෙරලිය කල බලවේග තමයි මෙය පස්සෙ ඉන්නෙ . පුතානෝ සහ ලපයා පසුපස බුද්ධි අංශ යෙදවිය යුතුයි

    • සිරිල ක දේ says:

      තවුසෙ නං කියයි.
      බුද්දි අන්ස ඕකට ඇරියම කොරෝන අල්ලන්න තවුසේද
      තවුසේත් ජාත්‍යන්තර කුමන්ත්‍රනකාරයෙක් ඕයි

  3. Thima says:

    Muwa pare yanakotta dekkoth nagarasabawe kunuloriyata dannaone

  4. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ජාත්‍යන්තර කුමන්ත්‍රණ හින්ද තමයි වහලෝ සර්ව 69 ලක්ෂයක් චන්දෙ දීලා පත්කරේ තෝ තාම ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන දොඩනවා තව අවුරුදු 4ක් තියෙනවා ඒකෙන් ජාත්‍යන්තරේ ගැන කියව කියව හිටපන් අපි පිළිගන්නම්

  5. malraj says:

    මම බැලුවා ඇයි මෙච්චර පරක්කු කියලා …kiyala hitan..

  6. John the baptice says:

    රනිල් මහත්තයා දැන් නිස්සබ්ද ගැනත් ටිකක් සැකයි.

    • සිරිල ක දේ says:

      ජෝන් ද ගොං,
      එකත් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්ලු

  7. mali says:

    ජාත්‍යන්තර කුමන්ත්‍රනයක්ලු…මූ වගේ ලජ්ජ නැති නරියෙක්. ha ha ha

  8. HERATH says:

    එතකොට අර කොරෝනාවලින් මිය ගිය අයගෙ මල සිරුරු භූමදානය කරන්න පෙට්ටි ඉල්ලන එකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද​?

  9. Mark Anandappa says:

    Grow up man –

  10. සිරිල ක දේ says:

    සුවර් එකටම පොම්පියො ඕක සෙට් කරන්න වෙන්ඩ ඇති පහුගියදා තකහනියේ ලංකාවට ආවේ.

Main News