මහර බන්ධනාගාර ගැටුම ගැන සොයන කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉවත් වේ..

December 1, 2020 at 1:22 pm | lanka C news
මහර බන්ධනාගාර ගැටුම ගැන සොයන කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉවත් වේ..

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉවත් කර වෙනත් අයෙකු පත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබේ.

විෂය භාර අමාත්‍යවරයා වෙත මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන නිසා මෙම කමිටුව නියෝජනය කිරීමට අපහසු බවයි.

අදාළ කමිටුව පත්කර ඇත්තේ විශ්‍රාමික විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙනි.

අජිත් රෝහණ මහතා ද එහි සාමාජික ලෙස නම් කර ඇත.

55,354 views

9 Comments to “මහර බන්ධනාගාර ගැටුම ගැන සොයන කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉවත් වේ..”

  1. lotus says:

    GOOD OFFICER… IDEAL PERSON TO BURN FOREST

  2. ක්‍රිමිනල් says:

    ලංකා ඉතිහාසයේ මං කැමතිම පො.මා.ප්‍ර තුමා , තමන්ට පැවරී ඇති කාර්‍යභාරය , තමන්ගේ ඉහල බලධාරීන්ගේ විදානයන්ට අනුකුලව ,සම්‍යප්‍රයොග සහිතව ඉටු කරන නිලධාරියෙක් , රටේ අහෙතුවට මෙතුමන්ලටත් දේශපාලන යාන්ත්‍රනයේ ගල්‍ රොලට යට වෙන්න වෙලා , පීඩනය අධිකයි. තමන්ට කරන්න පුලුවන් දේ බාරගෙන ,බැරි දෙයින් ඈත්වෙලා ඉන්න එක ඔබතුමාගේ සෞඛ්‍යට හා ඉදිරි පැවැත්මට හිතකරයි ! ඔබට ජය !

    • full stop says:

      නමුත් ජාසිංහ තෙමේ සම්‍යක් ප්‍රයෝගයෙහි දක්ෂ නොවීය ඒ හේතු ප්‍රත්‍යයෙන් හෙතෙමේ හුන් තනතුරෙන් ඉවත් කොට අන්‍යවූ විෂයයක තනතුරකට උසස් කිරීමකට ලක්වනු ලැබීය full stop

      • 69 ලක්ෂෙ දැක්කම මට පූ න් හිනා says:

        ඉහත ප්‍රවෘතිය කියවීමේදී ශ්‍රී ලංකා රාජ්‍යය සේවය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. 1 අපෘෂ්ඨ වංශිකයින් 2. කොඳු ඇට පෙළක් සහිත නිලධාරීන්.

  3. Sarath says:

    Good news

  4. අසංක says:

    ඒක හොදයි නැත්නම් තව අවු 4කින් ඕවට උත්තර බදින්න ගිහින් චාටර්⁣ වෙන්න ඕනනැනෙ.

  5. Rama says:

    Aghe gu tawara ganne natywa ayin wena eka hodayi

  6. Buddhist says:

    Aththa danna nisa Ajith meken ayinwuna… boru theenduwak ei kiya ohu dannawa.

  7. Chatura putha says:

    අජිත් රෝහණ මහත්තය ගත්තු තීරණේට ස්තුති කරපල්ල​.වැල් වටාරම් ඕනෙ නැහැ.

Main News