මහර බන්ධනාගාර පිපිරුම පසුපස රෝහල් ප‍්‍රධානියෙක්..

December 1, 2020 at 2:10 pm | lanka C news
මහර බන්ධනාගාර පිපිරුම පසුපස රෝහල් ප‍්‍රධානියෙක්..

මහර බන්ධනාගාරයේ ඇති වූ කැරලිකාරී තත්ත්වයට ප්‍රබලම හේතුවක් වී ඇත්තේ එම බන්ධනාගාර රෝහලේ ප්‍රධානියෙකු දින කිහිපයක පටන් රැඳවියන් අතර නොසන්සුන් මානසිකත්වයක් ගොඩ නැංවීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව ගැඹුරින් විමර්ශනයක යෙදෙන බුද්ධි අංශ එම තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි ද ඔහු පැවසීය.

බන්ධනාගාර තුළ කොරෝනා පැතිරීම හේතුවෙන් මහර බන්ධනාගාරයේ ද කොරොනා පැතිර යනු ඇතැයි එම රෝහල් ප්‍රදානියා දින කිහිපයක් තිස්සේ පවසමින් රැඳවියන්ගේ මනසේ භීතියක් ඇති කර තිබූ බවද හෙළිවී තිබේ.

එම බන්ධනාගාරයේ රැඳවියන් 183 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙම කලහකාරී තත්ත්වය ඇති විය.

එමෙන්ම බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සැලසුම් සහගතව කලහකාරී වූ රැඳවියන්ට මත්ද්‍රව්‍ය ලබාදෙමින් භයානක තත්ත්වයක් ඇති කිරීමටත් කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

81,269 views

12 Comments to “මහර බන්ධනාගාර පිපිරුම පසුපස රෝහල් ප‍්‍රධානියෙක්..”

  1. ක්‍රිමිනල් says:

    බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භය තාම හොයනවා … ඊලගට මේක… දෙවෙනි ඉනිම ලියපු එකාට කිව්වනං හොද ස්ක්‍රීප්ට් එකක් ලියලා දෙයි ,මෝඩ පහේ බෛයන්ගේ අන්වීක්ශීය මොල වලට තෙරෙන විදියට.

    • Gunaruwan says:

      අනේ මන්ද එක එක දවසට එක එක එව්වා කියනවා. වෙලාවකට හිතෙනවා ආණ්ඩුවේ ඔක්කොම රිවස් පෙත්ත ගහලද ඉන්නේ කියලත් .

  2. Cheena says:

    බන්ධනාගාරෙට කුඩු ගෙනියන එක නැවැත්තුවා කිව්වා නේද?

  3. අරුණ කුමාර says:

    පිටුපස මොකෙක් හිටියත් ඉස්සරහ ජප්පෙක්, චන්-පක හා රාජිතයෙක් හා හරින්ගෙ එකෙක් නොහිටිනවා කියන්න බැහැ.

  4. Gunaya says:

    No there is a cat who soynd in night heee hee

  5. John the baptice says:

    බන්ධනාගාර රෝහලේ ප්‍රධානියාගේ බැංකු ගනුදෙනු සොයා බැලිය යුතුය. ගොන්ජා දුරකථනයෙන් කතා කලාද?

  6. bua says:

    when there is corona there is corona. so should it have been hidden from inmates?

  7. Sarath says:

    ඔතන ගොඩක් ඉන්නේ බොරැල්ලේ වංචා විමර්ශන අංශයෙන් කුඩු මිලිග්‍රෑම් 6ක් වගේ පොලිසිය විසින්ම දාලා නඩු අහලා වරදකරු කරලා නිදහස් කරනකම් රිමාන්ඩ් කරලා ඉන්න අය. කුඩු සැකකරුවන්ට ඇප දෙන්නේ නැහැ. ඇප ඉල්ලුවත් පොලිසියේ එවුන් උසාවියේ උළු ගැලවෙන්න කෑගහලා ඇප දීමට විරුද්ධ වෙනවා. ඒ අතරතුර පොලිස් කාරයෝ සැකකරුවන්ගේ ගෙවල්වලට රිංගලා උන්ගේ බිරිඳ දියණියන් වගේ අය දුෂණය කරනවා. හොඳම උදාහරණය වංචා විමර්ශනේ අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න වකකරුවෙකුගේ වයස 19ක දියණියක් දුෂණය කරලා අවිවාහිකයෙකු ලෙස පෙනිසිටමින් කසාද බැඳලා ඇයව දික්කසාද කරපු එක. අන්තිමේදී සැකකරු පැමිණිලි කරු වුනා.ඔතන ඉන්න SI විමලසිරි, IP රාජපක්ෂ SP රොහාන් ප්‍රේමරත්න (දැන් ගල්කිස්ස) කියන එවුන් පට්ට දුෂිත වනචර වේ පුතාලා ටිකක්. කුඩු හොන්ඩර ගණන් වසර ගණනාවක් ගෙනාපු STF එවුන්ව ඇල්ලුවේ නැහැ. පොලිස්කාරයෝ ඔක්කොම එකයි.

  8. Darshana abayakoon says:

    දැන් 183 කටම කොරොන හැදිල නම් දොස්තර කියල තියෙන්නෙ බොරුද? කොරොන පතිරෙද්දි රැදවියො කොහොම හැසිරෙයි කියලද දන් නැ බලදරියො හිතුවෙ. රැදවියන්ගෙ ඉලීම වුනේ PCR ටෙස්ට් එකක් කරන්න කියල විතරයි. පිල්ලෙයන් ල බදුර්දීන් ල දුමින්දල විතරද මිනිස්සු?

    • gnsira says:

      radaviyan danuwath kireema waradakkda ? gon kata nokiyanu . easenam podu mahajanayada danuwathkireemen torawa sitinu , galee reepu balallu wage katayutu nokaranu

  9. Buddhist says:

    What a crap! Does this mean the doctor did not follow the Government tag line and told the truth?

  10. Chatura putha says:

    අනුර කුමාර කිව්වෙ පැනල යන උන්ට වෙඩි තිබ්බ එක වැරදියිලු.ඒක ප්‍රජාතන්තරේට පටහැනියිලු.ඡන්දෙ දාන්න යන උන්ව මරපු එකයි,ගෙවල්වලට පැනල හැඳුනුම්පත් කොල්ල කාපු එකයි හරිලු.ඒක ප්‍රජාතන්තරේට එකඟයිලු.අනුර සහෝදරයට අපේ විප්ලවීය ආචාරය​.(විප්ලවීය ආචාරෙ වෙනුවට හූවක් කියන්නත් පුළුවන්,ඒක ප්‍රජාතන්තරේට එකඟයි.)

Main News