මහර මිය ගිය සියළු දෙනා මියගියේ ඔවුන් දෙපිරිසක් ගහගෙනයි.. රැදවියන් කිසිවෙකු වෙඩි වැදී මියගොස් නෑ..

December 4, 2020 at 10:00 am | lanka C news
මහර මිය ගිය සියළු දෙනා මියගියේ ඔවුන් දෙපිරිසක් ගහගෙනයි.. රැදවියන් කිසිවෙකු වෙඩි වැදී මියගොස් නෑ..

මහර බන්ධනාගාරයේ රැඳවියන් මියගොස් ඇත්තේ ඇත්තේ ඔවුන් අතර ඇතිවූ ගැටුම්වලින් බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

පාතාල කල්ලි සහ මත්කුඩු කල්හි නියෝජනය කරන රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම් සිදුව ඇතැයි හෙළි වී ඇතැයිද ඔහු පැවසීය.

මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූයේ බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් බවද ඒ බව ජංගම දුරකථන වල වීඩියෝ පට පවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරකින් මියගිය එකදු රැදවියෙකු හෝ නැති බව මරණ පරීක්ෂණ වලදී ද ඔප්පුවී ඇති බවත් පැවසූ ඔහු බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති නමුත් එයින් කිසිවකු මියගොස් නැති බවද කියා සිටියේය.

19,398 views

7 Comments to “මහර මිය ගිය සියළු දෙනා මියගියේ ඔවුන් දෙපිරිසක් ගහගෙනයි.. රැදවියන් කිසිවෙකු වෙඩි වැදී මියගොස් නෑ..”

  1. Hudson says:

    Hari will beleive udathalawinna assassin.

    • rasika says:

      ඔන්න සුදර්ශනී නෝනා අයින් කරපු හේතුව .
      ඔය කෙප්ප කියන්න බෑ කියන්න ඇති

  2. ajith prasanna says:

    නියෝජ්‍ය අමෙති ලෙස සුසන්ත පුංචි නිලමේ දැම්මොත් තමා මරු. සිරගෙවල් වැඩිකරලා අධිකරණ වැඩිකරලා පොලිසි වැඩිකරලා රටක් හදන්න බැහැ. සිරගෙවල් පොලිසි අධිකරණ දියුණු රටවල වහනවා.

  3. අජානීය ඉස්කූටර් says:

    එළ …. එළ…. අපි පිළිගන්නම් එහෙනම් .. ආයෙමත් එළ…එළ…

  4. ක්‍රිමිනල් says:

    නැතුව නැතුව ! මේ රටේ ඉන්නවා අමූම මෝඩ , හුලගටත් ඇන්දෙන ,”බෛයො” කියලා කොට්ඨාශක් උන්ට මේව්වා අමු සත්‍ය , පිලිගන්නේ මල්මාලා දාලා ,දොහොත් මුදුන් දීලා , එ වුන්ගේ හැටි ! 😂😂😂😂

  5. Chatura putha says:

    ඌ මට ගහනව​,මට ඌ ගහනව​?

  6. kavirathna says:

    මෙන්න තව එකෙක් ආවා ආතල් දෙන්න.ජාත්යන්තර කුමන්ත්‍රන කිව්වෙ අපිද?

Main News