මහර රැදවියන් පිරිසක් කොරෝනා පරීක්‍ෂා සිදු කර නිවෙස්වලට යවයි..

December 2, 2020 at 12:40 pm | lanka C news
මහර රැදවියන් පිරිසක් කොරෝනා පරීක්‍ෂා සිදු කර නිවෙස්වලට යවයි..

ඇප ලැබීමෙන් පසුවද මහර බන්ධනාගාරයේ රඳවා සිටින සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂණ සිදුකර සිය නිවෙස් වලට යැවීමට කටයුතු සූදානම් කර තිබේ.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මේ බව කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක කාරක සභාවට සහභාගි වූ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරයේ රැඳවියන් දෙදහස් පන්සියයක් පමණ පිරිස අතරින් 189 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන විට බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමී බවත් පැවැසූ ඔහු බන්ධනාගාරය තුළ පහසුකම් වැඩි කිරීමේ කටයුතු සිදුකරන බවද කියා සිටියේය.

එම බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ මානසික රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග තුනකට අයත් පෙති විසි එක් දහසක් පමණ තිබුණු බවත් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ රැඳවියන් මෙම ඖෂධ භාවිතා කිරීමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූයේද යන්න විමර්ශනය කරන බවත් ඔහු කියා සිටියේය.

17,846 views

5 Comments to “මහර රැදවියන් පිරිසක් කොරෝනා පරීක්‍ෂා සිදු කර නිවෙස්වලට යවයි..”

  1. අජානීය ඉස්කූටර් says:

    එක්වරක් නොවෙයි කිහිප වරක්ම PCR කරලා එළියට එවන්න….

  2. සනත් ඉතාලිය says:

    අනේ මන්ද දැන්නම් හත් පොලේම ගාගන්නව මේතරම් විශාල පොකුරක සිටි පිරිසක් එක පරීක්ශනයකින් ගෙදර අරින එක හරිද ඔවුනුත් මනුශ්‍ය්යයෝ තමයි නමුත් අඩුගානෙ දින 10ක් වත් නීරෝදායන කරල යවන එක නේද සුදුසු අන්තිමට හැමෝම මනුශ්‍ය්යයෝ .පිටර ඉන්න අපි විතරක් අමුනුශ්‍යයෝ වෙන සීන් එකක් තියෙන්නෙ

  3. ක්‍රිමිනල් says:

    අන්න එකයි ! මත් පෙති ගහලා පිස්සු කෙලපු උන්ට වෙඩි තිබ්බා මැරුවා , උන් කුඩුකාරයො ,ගංජාකාරයො සහ අමු අපතයො ! කොහොමත් බෛයො ඉල්ලුවේ මේ වගේ පාණ්ඩුවක්නේ ,හැබැයි උන් දන්නෑ ඔය මැරුණු උදවියගේ පවුලුත් මේ මහත්තුරුන්ව බලයට එන්න චන්දයක් හරි දීපු එවුන් ඉන්න බව සහ නයට කහින උදවියටත් මේ වගෙ දෙයක් වෙන්න ඉඩ ප්‍රස්ථාවක් ඇති බව , එදාට තොපිට තෙරේයි , එතකං අර කකුළුවා උණුවතුර හැලියේ නැටුවා වගේ නටපියව්.✌️

  4. sunimal says:

    මේ අයට මනුස්ස ජිවිතයේ වටිනාකම උගන්වා පුනරුප්ථාන කල යුතුය. මෙයට එකම මග බුදු දහමයි,

  5. Love nature says:

    ඒ ඒ පලාත්වල ඇමතිවරු තමන්ගේ පළාතේ ජනතාවගේ අඩු ලුහුඩු කම් නිසියාකාර සොයා බලනවානම් මේ අය මෙවෙනි තත්වයකට පැමිණෙන්නේ නැහැ. රජය දැන්වත් මේ ගැන සිත යොමුකළ යුතුය.

Main News