මහලු කාන්තාවකට පහර දී ඝාතනය කෙරේ…

June 29, 2018 at 8:02 am | lanka C news
මහලු කාන්තාවකට පහර දී ඝාතනය කෙරේ…

යාපනය,මානිප්පායි සංගරපිල්ලේ ප්‍රදේශයේදී කාන්තාවකගේ ගෙල කපා අද (28) අලුයම ඝාතනය කර ඇති බව යාපනය මානිප්පායි පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ වයස අවුරුදු 70 ක් වු කන්දයියා නිලාදේවි නමැති කාන්තාවක් එලෙස ‍ඝාතනය කර ඇති බවටයි.

අදාළ කාන්තාව ජිවත්වු නිවස වෙත පැමිණි පිරිසක් අදාළ කාන්තාවට තියුණු ආයුද වලින් පහර දී ඇති අතර තුවාල ලැබු කාන්තාව අදාළ නිවස තුළම ජිවිතක්ෂයට පත්ව ඇත.

ඝාතනය සිදුකළ පුද්ගලයයින් සොයා පරීක්ෂණ යක් ආරම්භ කොට ඇති අතර මියගිය කාන්තාව තනිවම ජිවත්ව ඇති අතර, කලෙක පටන් පැවති ඉඩම් ආරවුලක් හේතුවෙන් අදාළ ඝාතනය සිදුව ඇති බවට සැක පළ කරන බවට මණිපායි පොලීසිය කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

15 views

One Comment to “මහලු කාන්තාවකට පහර දී ඝාතනය කෙරේ…”

  1. sky says:

    සිරිසේනගේ දෙමළ සහජිවනේ .විදේශ ගතව සිටි මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදීන් ආයේත් උතුරට ඇවිත් .රනිල් -සිරිසේන තමයි මේ මිනීමරුවෝ නැවත අපේ රටට ඒමට ඉඩ දුන්නේ …ඒවායේ ප්‍රතිපල තමයි මේ ..ඔවුන් LTTE ට විරුද්ධවූ දමිළ ජාතිකයන්ගෙන් පළිගන්නවා

Main News