මහවැලි ගගේ දිය නැමට දිය තරුණයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට…

May 12, 2019 at 2:02 am | lanka C news
මහවැලි ගගේ දිය නැමට දිය තරුණයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට…

මහවැලි ගගේ දිය නැමට ගිය තරුනයෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය මහකුඹුර ප්‍රදේශයේ පදිංචි මොහාමඩ් උස්මාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි

ජිවිතක්ෂයට පත් තරුණයා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග  මහවැලි ගගේ  නාවලපිටිය සෙලම්බ්‍රිජ් ප්‍රදේශයෙන් දියනාමට මහවැලි ගගට බැස ඇත.

මිතුරන් සමග මහවැලි ගගේ ගැඹුරු වලක දිය නාමින් සිටි තරුණයා එකවරම ජලයේ අතුරුදහන් ව ඇත.

අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර ප්‍රදේශවාසින් සහ නාවලපිටිය පොලිසියේ නිලධාරින්  එක් ව  මහවැලි ගගේ තිබි ගොඩගෙන සිරුර  නාවලපිටිය මුලික රෝහල වෙත භාර දි ඇත.

මිය ගිය තරුණයාගේ සිරුර සම්බන්ධයෙන් නාවලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින්  පශ්චාත් මරණ පරික්ෂණය පවත්වා සිරුර ඥාතින් වෙත භාර දි ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි

– හැටන් රංජිත් රාජපක්ෂ

1,215 Viewers
Main News