මහවැලි ගග පිටාර ගලයි.. ගම්මබිම් රැසක් ජලයෙන් යටවෙයි..

May 19, 2020 at 3:50 pm | lanka C news
මහවැලි ගග පිටාර ගලයි.. ගම්මබිම් රැසක් ජලයෙන් යටවෙයි..

මධ්‍යම කදුකරයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් නාවලපිටිය ජයසුන්දරඕවිට ගම්මානයේ නිවාස ජලයෙන් යටවිම නිසා පවුල් 10 ක සමාජිකයන් අවතැන් වි ඇති බවත්, අවතැන් වු පිරිස ඔහුන්ගේ ඥාති නිවාස වල තාවකාලිකව නතර කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය ජයසුන්දරඕවිට ගම්මානය මහවැලි ගග ආසන්නයේම පිහිටා ඇත.

මේ අතර අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පවුල් 80 කට ආසන්න පිරිසක් අවතැන් වි ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවිනි සිතාරා ගමගේ මහත්මිය පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සහ දියගල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇත.

එම මාර්ගයට කඩා වැටුණු පස් කදු කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් ඉවත් කර ඇති අතර , වටවල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කදු සහ ගල් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා යුධ හමුදාව ,වටවල පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව සිදු කරනු ලබයි.

හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසින හැටන් ඔය පිටාර ගැලිමෙන් වටවල නගරය පිටුපස නිවාස 25 ක් පමණ ජලයෙන් යට වි ඇත.

මිට ප්‍රථමද අවස්තා කිහිපයකදි එම නිවාස ජලයෙන් යට විම නිසා හැටන් ඔය කපා පුළුල් කිරිමේ කටයුතු සිදු කලද එය නිසි ලෙස සිදු නොකර ඇති බවත්, පෞද්ගලික ජල විදුලි බලාගාරයකට ජලය ලබා ගැනිම සදහා හැටන් ඔය හරස් කර ඉදි කර ඇති වේල්ලක් හේතුවෙන් හැටන් ඔයේ ජලය රිසි සේ පහලට ගලා නොබැසිම හේතුවෙන් තමන් නිවාස ජලයෙන් යටවන බවයි පිඩාවට පත් ජනතාව පවසන්නේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,390 Viewers

4 Comments to “මහවැලි ගග පිටාර ගලයි.. ගම්මබිම් රැසක් ජලයෙන් යටවෙයි..”

  1. අධම්‌මික සූත්‍රය says:

    මහණෙනි, යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද, එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති. රාජපුරුෂයන් අධාර්මික වූ කල බ්‍රාහ්මණගෘහපතිහු ද අධාර්මික වෙති. බ්‍රාහ්මණගෘහපතීන් අධාර්මික වූ කල නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති.

  2. Chinthana says:

    We should not go against the nature… Building plans & Structures, should be base on the natural geography. People wants to find a gaps to earn something today. But its not long lasting…..

  3. ඇමරිකන් නානා says:

    මොන මඟුලක්ද ? පිනලා ඇවිත් හරි ඡන්දෙ දෙන්න. ආයේ 5000 ලැබුණේ නැහැ කියලා මෙතන නාහයෙන් අඬනවා එහෙම නෙමේ.

  4. Kavindu says:

    යකෝ කලු ගංග ගලලා තියනවා…එක දන්නේ නැද්ද??ඇත්තටම මේ C News කාරයට මන්ඣන්ද???නිව්ස් එකේ හෙඩ් ලයින් එක එකක් නිව්ස් එකේ කියන්නේ එකක් මේවා බයියන්ටම තමා ගැලපෙන්නේ…