මහවැලි ගග පිටාර ගලයි.. ගම්මානයක් ජලයෙන් යට වෙයි…

August 14, 2019 at 8:02 am | lanka C news
මහවැලි ගග පිටාර ගලයි.. ගම්මානයක් ජලයෙන් යට වෙයි…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යට වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මහවැලි ගගට ආසන්නයේ පිහිටි නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේ නිවාස 20 (13) පස්වරු සිට ජලයෙන් යට වි ඇති බව පොලිසිය පැවසුවේය.

ජයසුන්දරඕවිට ප්‍රදේශයේ ඇතැම් නිවාස දෙමහල් ගොඩනැගිල්ලක් සහිත නිසා පිරිසක් උඩුමහල්වල රැදි සිටින බවත් පහත් මහලේ සිටි විශාල පිරිසක් මේ වන ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව පොලිසිය කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,962 Viewers

One Comment to “මහවැලි ගග පිටාර ගලයි.. ගම්මානයක් ජලයෙන් යට වෙයි…”

  1. Rata Wenuwen says:

    බයවීමට කරුණක් නැත. සජිතයා කරගහාවි

Main News