මහවැලි ගග පිටාර ගලයි….

August 12, 2021 at 5:30 pm | lanka C news
මහවැලි ගග පිටාර ගලයි….

මධ්‍යම කදුකරයට  (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 සහ නාවලපිටිය රෝහල පාර මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.

ප්‍රධාන මාර්ගය අභියස පිහිටි වෙලදසැල් කිහිපයක්ද වැසි ජලයෙන් යට විම නිසා ව්‍යාපාරිකයන්ද දැඩි අසිරුතාවයට පත්විය.

තවද නාවලපිටය ප්‍රදේශයට ඇදහැලුනු වර්ෂාවත් සමග මහවැලි ගග පිටාර ගැලිමෙන් නාවලපිටිය  වලපිටිය සහ වැලිගම්පල  ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

18,592 views

3 Comments to “මහවැලි ගග පිටාර ගලයි….”

  1. RAV says:

    සව්බාග්ගේ බොලේ සව්බාග්ගේ.
    අන්තිමට සර් දිනුම්

    • ජඩපාලනේට කඩේ යන මෝඩ ටොයියා says:

      උඹට දකපුනව වගේද?

  2. කැලණියේ නයා says:

    ධාර්මික රජුන් රාජ්‍ය කරවන පින්වත් රාජ්‍යවල සොබා දහම කම්පා වෙලා මෙහෙම කරන්න විදියක් නෑ ඉස්සර අපිට වොයිස් කට් වහන්සේලා දෙසුවෙ එහෙව් බණ දැන් කෝ ඒ අය ?

Main News