මහවැලි ජලය කුරුණැගලට හරවයි.. ජනපති අතින් යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ..

February 13, 2017 at 12:40 pm | lanka C news
මහවැලි ජලය කුරුණැගලට හරවයි.. ජනපති අතින් යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් මීට ටික වේලාවකට පෙර ‘වයඹ පළාත් ඇළ’ ව්‍යාපෘතිය ආරම්භ කෙරිනි.

වයඹ පළාතට පානීය ජල ව්‍යාපෘති සදහාන් හා පළාතේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමටත් මෙමගින් අපේක්‍ෂිතයි.

මෙමගින් අඩි 105,000ක් පමණ මහවැලි ජල ප‍්‍රමාණයක් වාර්ෂිකව කුරුණෑගල උතුරු ප‍්‍රදේශයට ලබා දීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 16ක් වන අතර 2024දී එහි වැඩ අවසන් කිරීමට නියමිතය.

33 views

27 Comments to “මහවැලි ජලය කුරුණැගලට හරවයි.. ජනපති අතින් යෝධ ව්‍යාපෘතියක් ඇරඹේ..”

  1. kalinga says:

    යට බංකොලොත්, රතු පලස උඩින් ගොවි පුතා වඩිනවා . විහිළු

  2. Don says:

    Whi is Aluvihare holding Akila’s hand (4th picture)

  3. dakune buddimatha says:

    meka ape game 9dakune ) karanam godak prayojanawath. munta mokatada wathura . meeta wada apita adivega hadala dena eka watinawa. mun one ape mahinda mahaththayata chande denna witarai. moda heththa.

  4. Champa says:

    ජයවේවා ජනාධිපතිතුමා!

    Wow!!! මේවට මම හරි කැමතියි. මිනිස්සුන්ට වතුර දෙනවා කියන කොටත් මගෙ හිත සතුටින් පිරෙනවා. වතුර දකින දකින ගානේ මිනිස්සු පින් දෙන ජලාශ යෝජනා ක්‍රමයක්.

    වයඹ පළාත් ඇළ (Wayamba Stream Project) හරිම විශාල ව්‍යාපෘතියක්. අවුරුද්දකට කුරුණෑගල අක්කර 105,000ක් වගා කරන්න වතුර ලැබෙනවා. විශාල ජලාශ 8ක් සහ කුඩා ජලාශ 300ක් පිරෙන්න වතුර ලැබෙනවලු. Wow. This is a super-super-massive irrigation project.

    කවුද පටන් ගත්තේ කවුද ඉවර කරන්නේ කියන වැදගත් නැහැ. වැය කරන්නේ මහජන මුදල්. ණය ගෙවන්නෙත් මහජනතාව. වඩා වැදගත් රටට දැනෙන යමක් කරන එකයි.

    ආණ්ඩුව අපේ ඇඟේ ලේ පුච්චන වැඩ කරන්නේ නැතුව, මේ වගේ රටට ජනතාවට වැඩදායක, මතක හිටින, ඡන්දේ දීපු නැති අපිටත් ආඩම්බර හිතෙන දේවල් කරනවා නම් කොයි තරම් හොඳද?

    මම හිතන්නේ මේ අවුරුදු දෙකටම, ආණ්ඩුව ආවට පස්සේ සාමාන්‍ය මිනිස්සු පිරිසක් සතුටින් හිනා වෙලා ඉන්න පින්තූරයක් දැක්කමයි.

    පහුගිය රජය යටිතල පහසුකම් ආශ්‍රිත වේගවත් සංවර්ධනයක් රටේ සිද්ධ කළා. අධිවේගී මාර්ග අපේ ගමන පහසු සහ ඉක්මන් කලා. රට බලා ඉන්දැද්දී ලස්සන වුනා. අපි ඒක ඉතාම අගය කරනවා. හැබැයි මගේ හදවත එතැන නැහැ.

    සිරිසේන ජනාධිපතිතුමා ඒ නවත්තපු තැනින් පටන් ගන්නේ නැතුව වෙනස් විදියේ සංවර්ධනයක්, රටේ කෘෂි කර්මාන්තය ආශ්‍රිතව, සියයට 82ක් ගම්බද ජනතාවට වඩා වැදගත්, ජන ජීවිතයට වඩා සමීප ජලයෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම මම ඉහලින්ම අගය කරනවා. මගෙ හදවත තියෙන්නේ මෙතන.

    ජනාධිපතිතුමා ලඟදි විවෘත කරපු මොරගහකන්ද ජලාශය, පරාක්‍රම සමුද්‍රය වගේ 4 ගුණයක් විශාලයි කියලා මම ලිපියක් දැක්ක. (ඉස්සර මං හිතුවේ දෙගුණයක් කියල). මට හිතා ගන්නවත් බැහැ. පරාක්‍රම සමුද්‍රය තනියමත් කොච්චර විශාලද? ඒ වගේ 4 ගුණයක් මොරගහකන්ද ජලාශය විශාලයි කියලා කිව්වහම පැත්තක ඉන්න මට මේ තරම් නිම්හිම් නැති සතුටක් දැනෙනවා නම්, ඒ පළාත් වල මිනිස්සුන්ට, ගොවීන්ට මොන තරම් නම් සතුටක් දැනෙනවා ඇත්ද?

    වී වගාව වැඩි දියුණු කරගන්න පොඩි අදහසක් දෙන්න කැමතියි.

    දැන් අපේ වර්ෂාපතනයේ සෑහෙන්න වෙනසක් වෙලා තියෙනව. දැන් නෙමෙයි ඇත්තටම කාලෙක ඉඳන්. අපිට දැනුනත් නැතත්, අපි පිළිගත්තත් නැතත් මේක වී වගාවට බලපාල තියෙනවා. හුඟක් ගොවීන් පාරම්පරික යල සහ මහ කන්නයෙන් මෙපිට විදියකට වෙනස් වෙන්න කැමති නැහැ. ඊසානදිග මෝසම් වැස්ස සහ නිරිත්දිග මෝසම් වැස්ස අනුව (ඒ අතර අන්තර් මෝසම් වැස්සත් ඇතුලත්) යල කන්නය (මැයි-අගෝස්තු) සහ මහකන්නය (සැප්තැම්බර්-මාර්තු) වී වගාව කරනවා. හුගක් ගොවීන් තවම වැස්ස දිහා බලා ඉන්නවා. නැත්නම් ආණ්ඩුව වතුර දෙනතුරු බලා ඉන්නවා. මාස 5කට විතර ඉස්සෙල්ල මම යෝජනාවක් කළා වැහි වතුර සංරක්ෂණය කිරීම ගැන. ජනාධිපතිතුමා ඒගැන අවධානය යොමු කරයි කියල බලාපොරොත්තු වෙනවා. ගෘහ ආශ්‍රිත වැහි වතුර සංරක්ෂණ ක්‍රමයක් (Domestic Rain Water Harvesting System ) උතුරේ පටන් ගත්ත කියල මම දැක්ක මාසෙකට දෙකකට වගේ ඉස්සෙල්ල. මේ ක්‍රමයම කෘෂි කර්මාන්තයටත් යොදා ගන්න පුළුවන් නේද? අනිත් අතින් වැහිලා ගිය පොඩි පොඩි වැව් හුඟක් ලංකාවේ තියෙනවා. මට හරියට කියන්න අමාරුයි නමුත් මම හිතනවා අඩු ගැනේ මෙහෙම වැහිලා ගිය වැව් අඩුගානේ 1000ක් වත් ලංකාව පුරා ඇති කියල. ඒවා හාරලා සුද්ධ කරලා ගන්න ඕනේ. ඒ සම්බන්ධ වැඩ පිලිවෙලකුත් කල නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි මම කතා කරන්න් ගියේ ඒ ගැන නෙමෙයි. වෙනස් දෙයක් ගැන.

    අපිට බැරිද එක කන්නයෙන් අස්වනු දෙකක් ලැබෙන විදියට වී වගා කරන්න? ඒ කියන්නේ මහා කන්නයෙන් අස්වනු දෙකයි, යල කන්නයෙන් අස්වනු දෙකයි. මෙහෙම කලාම අපිට ඇතිතරම් හාලුත් තියෙනවා, ගොවීන්ගේ අතමිටත් සරු වෙනවා. වැඩිපුර හාල් වලින් වෙනත් නිෂ්පාදන කරන්නත් පුළුවන්. කාලෙකට ඉස්සෙල්ල (හාල් අතිරික්තයක් තියේනකොට ) මම list එකක් ලිව්වා හාල් වලින් හදා ගන්න පුළුවන් නිෂ්පාදන ගැන. හරියට කරනවා නම් පිටරට යවන්නත් පුළුවන්. ඒ ගැන ආපහු ලියන්න වැඩක් නැහැ, හාල් හිඟයක් තියෙන වෙලාවේ.

    එක කන්නෙන් අස්වනු දෙකක් සහ ලොකු ඵලදාවක් ගන්න ක්‍රම දෙකක් ගැන අදහසක් කියන්න කැමතියි.

    Short-Season-Rice-Variety (that required less water consumption)

    දැන් අපි වී පැල කරලා “මහ කන්නේ” නම්, සැප්තැම්බර් අග-ඔක්තෝබර් මාසේ පොලොව කොටලා, නොවැම්බර් මුල වගේ වී පැල කරලා, ගොයම් හැදිලා, ඵලදාව ගන්නවා මාර්තු මාසේ (මාස 5-6 – දවස් 160) සහ “යල කන්නේ” නම් මාර්තු අග-අප්‍රේල් මාසේ පොලොව කොටලා, මැයි මුල වී පැල කරලා, ගොයම් හැදිලා, ඵලදාව ගන්නවා අගෝස්තු මාසේ (මාස 5-6 – දවස් 160).

    අපේ වී පර්යේෂණ ආයතනට බැරිද පර්යේෂණයක් කරන්න short-season-rice variety ගැන? මම කියන්නේ අපිට බැරිද වී ප්‍රභේදයක් හොයා ගන්න, දවස් 100-120 අතර පොලොව කොටලා වී පැල කරලා අස්වැන්න ගන්න? මොකොද බැරි එහෙම වී ප්‍රභේද වෙන රටවල තියෙනවා. උදාහරණයක් විදියට කාම්බෝජයේ සහ ලාඕසයේ තියෙනවා වී ප්‍රභේද තුනක්. 1. දින 100-120 (කෙටි කාලීන) 2. දින 120-140 (මාධ්‍ය කාලීන) 3. දින 140-160 (දීර්ඝ කාලීන).

    අපි ලංකාවේ කරන්නේ දීර්ඝ කාලීන වී වගාව. මෙහෙම පාරම්පරික ක්‍රමයක් ඇතිවුනේ අපි වී වගා කරන්නේ මෝසම් වර්ෂාපතනය අනුව නිසා.

    මම හිතන්නේ අපි ටිකක් ඉස්සරහට ගියා නම් හොඳයි කියල එකතැන ඉන්නේ නැතුව. එක කන්නෙකින් අස්වනු දෙකක් ගන්න විදියක් අපි හදා ගන්න ඕනේ. අපිට මේක අත්හදා බලන්න පුළුවන් වර්ෂාපතනය වැඩි මෝසමේ. මෙහෙම කලාම ගොවීන්ගේ අතමිට සරු වෙනවා. පව් ඒ මිනිස්සු. කොච්චර දුක් විඳිනවද, වී වගා කරපු දවසේ ඉඳන් විකුණන දවස වෙනකම්. මට හරියට දුක හිතුනා ලොරි වල වී දාගෙන, සමහරු ඔලුවේ තියාගෙන, වී වලට හොඳ මිලක් ගන්න මහපාරේ පෝලිම් වල හිටපු හැටි දැක්ක වෙලාවේ. ගම්වල මිනිස්සුන්ගේ අතමිට සරු වෙනකොට රටත් සශ්‍රීක වෙනවා. අපි වගේම ඒ මිනිස්සුන්ටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්නේ.

    වතුර පාලනය (Water Management) කරගන්න හැටි ගොවීන්ට මම හිතන්නේ කියල දෙන්න ඕනේ. මේකට තාක්ෂණික ක්‍රමයක් පාවිච්චි කරනවා චීනේ සහ තවත් රටවල Alternate Wetting and Drying (AWD). මම හිතන්නේ අපිත් මේවා ගැන අධ්‍යනය කරලා අලුත් ක්‍රම ගැන හොයා ගත්ත නම් හොඳයි කියල.

    System of rice intensification (SRI) – මේකට වතුර අඩුවෙන්, වී අඩුවෙන් පැල කරන්නේ, රසායන පොහොර අඩුයි, ගොම වගේ දේවල් යොදන්න පුළුවන්. මේ ක්‍රමය අපිත් කාලෙක ඉඳන් කරනවා. හැබැයි හැමෝම කරන්නේ නැහැ. ඉන්දියාවේ ගොවියෙක් 2013දී ඉස්ඉස්සෙල්ලම මේ SRI ක්‍රමයට වී වගා කරන්න පටන් අරන් කලින් හෙක්ටයාර් 1 කට ගත්ත වී මෙට්‍රික් ටොන් 5-6 වෙනුවට හෙක්ටයාර් 1කට වී මෙට්‍රික් ටොන් 22.4ක් ගත්තලු. මං හිතන්නේ අපිත් මේ ගැන වී ගොවීන්ව මීට වඩා දැනුවත් කරලා ඒ පැත්තට නැඹුරු කළා නම් හොඳයි කියල. ටිකක් වැඩ වැඩියි, අමාරුයි. ඒකට මොකොද, සාමාන්‍යයෙන් කරන විදියට ලැබෙන අස්වැන්නට වඩා දෙගුණයක්, 3න් ගුණයක් විතර ලැබෙන කොට.

    මොරගහකන්ද ජලාශය ව්‍යාපෘතිය කළා, දැන් මේකත් එක්ක තව අලුත් ව්‍යාපෘති දෙකක්ම දැනටම පටන් අරන් තියෙනවා. ගැමි ජනතාවගේ ජීවන තත්වය නඟා හිටුවන්න ක්‍රියා කරන එක, කෘෂිකර්මාන්තයේ දියුණුවට වැඩ කරන එක ගැන, ඊටත් වඩා ගම්වල මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ බොන වතුර සහ වගාවට වතුර ලබා ගැනීම ගැන අවංකවම උනන්දු වෙන එක සහ ඒ ගැන ක්‍රියාත්මක වෙන එක ගැන හරිම සන්තෝෂයි.

    දළදා සමිඳු පිහිටෙන් තව හුගක් මේ වගේ රටට ප්‍රයෝජනවත්, ගම්බද ජනතාවට ප්‍රයෝජනවත්, කෘෂිකර්මාන්තය නඟා හිටුවන, රට සරුසාර කරන, අපිට අහන්න ආස හිතෙන ව්‍යපෘති සිද්ධ කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  5. කුරුණෑගල kolla says:

    අධිවේගී මාර්ග අපේ ගමන පහසු සහ ඉක්මන් කලා. ????? මම ඉන්නේ කුරුණෑගල . අපිටනම් ඔය ඔය කියන රට පුරාම හදපු අදිවේග මාර්ග නෑ. මහින්දගේ කලේ කුරුණෑගල දඹුල්ල වගේ ප්‍රදේශ වලට අදිවේගයක් හැදුවනම් අපිට එක පෙනෙන්නේ නැත්තේ මොකෝ . දැන් අනුරපුර දඹුල්ල කුරුණෑගල ඉදන් අදිවේග බස් යනවද දන්නා කියන කෙනෙක් කියන්න.

    • Champa says:

      මගේ comment එකෙන් කොටසක් අරන් තියෙන නිසා උත්තර දෙන්න හිතුවා.

      මම කිව්වේ “යටිතල පහසුකම් ආශ්‍රිත වේගවත් සංවර්ධනයක් රටේ සිද්ධ කළා” කියන එක. “යටිතල පහසුකම් ආශ්‍රිත සංවර්ධනයක්” කියන්නේ අධිවේගී මාර්ග විතරක් නෙමෙයි, පාසල්, රෝහල්, ක්‍රීඩා පිට්ටනි, ජලය, විදුලිය, මහාමාර්ග, විදුලි සංදේශ, අපද්‍රවය ඉවත් කිරීම ඔය වගේ ගොඩක් දේවල් එකට අයිතියි.

      මම කිව්වේ නැහැ කුරුණෑගලට අධිවේගී මාර්ග හැදුවා කියලා. නොහදපුව ගැන කොහොමද මම කියන්නේ? ඒ කොටසේ තියෙන වැදගත් කොටස තමයි “මගේ හදවත එතන නැහැ” කියපු එක. ඒක කියන්නයි මම අනිත් ඔක්කොම කිව්වේ.

Main News