මහවැස්සක් සමග සුලි කුණාටුවක්.. නිවාස කිහිපයකට හානි.. පුද්ගලයන් රැසක් පීඩාවේ..
January 19, 2022 at 5:30 pm | lanka C news
යාපනය කරවෙඩ්ඩි ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරණවායි ප්රදේශයට ඊයේ (18) සවස ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ සුලි කුණාටුවක් හේතුවෙන් පුදිගලයින් 60 දෙනෙකු පමණ විපතට පත්ව නිවාස 15 කට හානි සිදුව ඇතැයි යාපනය ආපදා කලමනාකරන කාර්යාලය පවසයි.
කරණවායි ජේ.348 සහ ජේ. 350 ග්රාමසේවා වසම් දෙකට බලපෑ සුලි කුණාටු තත්වය හේතුවෙන් මෙලෙස නිවස 15 කට දැඩි හානි සිදුව ඇති අතරම එහි පවුල් 19 කට අයත් පුද්ගලයින් 60 ක් පමණ විපතට පත්ව ඇති බවට වාර්ථා වෙයි.
ගෙවී ගිය පැය 24 ක කාලය තුලදී අදාල ප්රදේශයට මිලිමීටර් 119 ක වර්ෂාපතනයක් ඇදහැලුනු අවස්ථාවේදී මෙම සුලි කුණාටු තත්වය බලපා ඇති බවටද විපතට පත් වූ වැසියන්ගේ හානි පිළිබඳව සොයා බැලීමට පියවර ගෙන ඇති අතරම පීඩාවන්ට පත් වැසින්ට පහසුකම් සැපයීමටද පියවර ගෙන ඇතැයි යාපනය ආපදාකලමනාකරන කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොහේ බැලුවත් විනාසයක්