මහවිරු සමරුව වෙනුවෙන් කටයුතු කල තරුණයින් අත්අඩංගුවට ගනී..

November 28, 2019 at 10:44 am | lanka C news
මහවිරු සමරුව වෙනුවෙන් කටයුතු කල තරුණයින් අත්අඩංගුවට ගනී..

එල්.ටී.ටි. මහ විරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව අත් පත්‍රීකා මුද්‍රණය කර වතුකරයේ බෙදා හැරී තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ(27) රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසීය.

බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාල අත් පත්‍රිකා පරිගණකයක් ආධාරයෙන් සකස් කර මුද්‍රණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මුද්‍රණය කරන ලද පිටපත් ගණනාවක් සැකකාර තරුණයන් දෙදෙනා විසින් බෙදා හැර ඇති බවත්, බෙදා හැර තිබූ අත් පත්‍රිකා කිහිපයක් පොලිස් භාරයට ගත් බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

අදාල අත් පත්‍රිකා මුද්‍රණය කල පරිගණක, උපාංග සහ දුරකථන ඇමතුමු මධ්‍යස්ථානයේ හිමිකරුවද සැක පිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැක කරුවන් තිදෙනා අවුරුදු විස්සත් හතලියත් අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි ‍පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැක කරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

– හැටන් රංජිත් රාජපක්ෂ

57,804 Viewers

4 Comments to “මහවිරු සමරුව වෙනුවෙන් කටයුතු කල තරුණයින් අත්අඩංගුවට ගනී..”

  1. CPS says:

    වතුකරයේ දුප්පත් කොල්ලොන්ව නම් arrest කරයි , ඒත් උතුරේ ඉන්න කොටි හිතවාදීන්ව arrest කරන්න තරම් කොන්දක් නෑ , ඒක තමයි තිත්ත ඇත්ත , අනික ඉතින් ඊලාම් කොඩිය උස්සපු දේශපාලකයෝ තමන්ගේ පැත්තේ තියාගෙන කොහොමද උතුරට අත තියන්නේ ? 😂

  2. රජරැටියා says:

    අපේ රටට එක නායකතුමයි එක ආණ්ඩුවයි තියෙන්නේ නෙව. එක නීතියයි. ඒක අපේ ගෝඨාභය මැතිතුමයි මහින්ද අගමැතිතුමයි 2009 අවුරුද්දෙ සහතික කොළා . ආයෙත් ප්‍රභාකරන්ගේ සැමරුම් අපේ රටේ බැහැ බොලව්.

    • Love nature says:

      මහවිරු සමරුව වෙනුවෙන් කටයුතු කල තරුණයින් පමණක් නොවේ උතුරේ සියලුම ජාතිවාදී දේශපාලකයින්ද වහාම අත්අඩංගුවට ගත යුතුයි
      විග්නේශ්වරම් වැනි ජාතිවාදය ත්‍රස්තවාදය පතුරවන දේශපාලකයින් මෙන්ම TNA දෙමළ ජාතිවාදී දේශපාලකයින්ද වහාම අත්අඩංගුවට ගත යුතුයි
      නිතිය කාටත් පොදුවිය යුතුයි
      උතුරට වතුදෙමල ජාතිකයෙක් ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම නිසාද වතු දෙමල තරුණයින් ඊළම් මෙලෙච්චේද කොටි ත්‍රස්තවාදීන් එල්.ටී.ටි. මහ විරු සමරුව වතුකරයේ පවත්වන්නේ ? ඒ ගැනත් ගරු ජනපතිතුමා අවදානය යොමු කළයුතුව ඇත ….LTTE සමරන දෙමල ජාතිකයින් මේ රටට පිළිලයක්

      • Susil says:

        Tamil leaders and overseas Tamil diaspora totally depend by sucking the money from ignorant Tamils in anywhere of the world. Selling Elam is pumping money into their pocket. Clamoring for Elam is for money. These people don’t want to develop our country. So do the JVPiers. Sad!

Main News